පහුගිය දවස්වල මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ ලෑලි වල වැඩිපුරම දකින්න තිබුන ලොකු හුරුල්ලෝ නම් අද හිඟයි වගේ.හැබැයි සාලයා මිළ නම් අද බැහැල.කිලෝවක් රු 200ටත් ගන්න පුලුවන් සයිස් එකක් තියෙන්නේ.
අදත් ලින්නෝ නම් හිඟයක් නැතිව තියෙනව.කිලෝවක් 500ටත් ගන්න පුලුවන්.
ලොකු බලයි රු1000පැනල යනව.කෙලවල්ලත් එහෙමයි.අලගුඩුවොත් අද සෑහෙන්න ඉන්නව වගේ .කිලෝවක් රු 550යි.හබරලි ලොකු උන් අද රු 1000යි.
කොහොමත් අනිත් වර්ගත් සෑහෙන්න අද තියෙනව.අද ටිකක් වැඩිපුරම මාළු තියෙන දවසක් කියල තමයි හැමෝම කියන්නේ.
තවත් වර්ග ගොඩක් තියෙනව.මුහුදු කකුල්ලුත් අද ගන්න පුලුවන් ලාභෙට.
එන්න ඇවිත් බලන්න.අදත් හොදිකාරයන්ට හොඳ දවසක්.












