මිගමුවේ විතරක් නෙමේ රටේ හුඟක් තැන්වල මිනිස්සුන්ගේ ප්‍රශ්ණ ගැන විවිධ ඉල්ලිම් තොරතුරු දිනපතා මිපුරට ලැබෙනව.
දවසකට එහෙම ඉල්ලිම් 10ක් විතරවත් ලැබෙනව.මිපුරට කිව්ව නම් හරි කියන මතයකුත් මිගමුව තුල සමාජගත වෙමින් තියෙනව.
මේ අස්සේ මිපුරට අමුතුම ඉල්ලිමක් ලැබුන.
ඒ ටියුෂන් සර්ල කිපදෙනෙකුගෙන්.එයාල කියනව මාලිමාවේ හයිය අරන් එක ටියුෂන් ගුරෙක් එයාලගේ පෝස්ටරුත් වහනවලු.
ඒ ගැන පොඩ්ඩක් ලියන්නලු.ඔයාල ලිව්වොත් නම් වැඩේ ගොඩ කියලත් කිව්ව.ඇවෙන්රා එකත් ඔයාලට බයයිනේ කියල.
ඇත්ත එහෙම කෙනෙක් මිගමුවේ ඉන්නවා අධ්‍යාපනය විතරක් නෙමේ කාර් එහෙමත් බිස්නස් කරන මාලිමා උණ හදාගත්තු ගුරෙක් ඉන්නව.
එයාට විතරක් නෙමේ මිගමුවට අලුතින් එන කාටත් මේ ක්ෂේත්‍රය විවෘතයි කියන එක මේ මාලිමා ගුරුතුමා දැනගන්න එක හොදයි.












