අසරණ වෙන සැමගේ සහයට we are ready

0
169
IMG 20210823 WA0036

කොරෝනා ආසාදනය නිසා මුළු රටම වෙලාගෙන සිටින අවස්ථාවක කොරෝනා ආසාදනයෙන් මිය යන අයගේ අවසන් කටයුතු කිරීමට අවශ්‍ය මිනිපෙට්ටි ලබාගැනීමට මුදල් නොමැතිව සිටින අසරණ ජනතාවට සරණක් වීම සඳහා මීගමුව,  පෙරියමුල්ලේ තරුණ කණ්ඩායමක් ඉදිරිපත්ව ඇත 

ජාති ආගම් කුල මල භේදයෙන් තොරව මනුෂ්‍යත්වය පමණක් අගය කරමින් මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක අසරණ ජනතාවගේ පිහිටට ඉදිරිපත් වන මෙම තරුණ කණ්ඩායම ගැන එයින් ප්‍රතිලාභ ලබන අය මෙන් ම  ජනතාව ද මහත් ප්‍රශංසා  කරමින් කතා කරති 

කොරෝනාව මුළු ලොවම විනාශයට ගෙන යමින් සිටින ප්‍රශ්නයකි ලාංකිකයෝ වන අපි ද මේ   අර්බුදයට මුහුණ දී ඇත. මිනිසෙක් මිනිසෙකුට පිහිට වීම හැර තරුණයන් වශයෙන් අපි මේ මොහොතේ කුමක් කළ යුතු දැයි සිතමින් සිට අපි සංවිධානය වූයෙමු .එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කටයුත්ත අපි සාර්ථකව ඉටු කරමින් සිටින  බව එම සංවිධානයේ  එම්. සරෝජ්  තරුණයා  පවසයි  අපි එකමුතුව කරන මේ කටයුත්තේදී අපි සියලු දෙනාම අධ්‍යාත්මික සතුටක් ලබන බව කියාපාන්නේ ඉතා සතුටිනි මේ සඳහා දායකත්වය දක්වන සියලු දෙනාට සිය ස්තූතිය  පළ කරන බවද ඔහු පැවසීය 

(We are ready) තරුණ  සංවිධානය ඇමතීමට 

M.sarooj saththaar 

(0768787382) ඔබට පුළුවන 

IMG 20210823 WA0034
IMG 20210823 WA0036
IMG 20210823 WA0028
IMG 20210823 WA0029
IMG 20210823 WA0030

ඡායා – ඒම්.ඉසෙඩ් .සහජාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here