ආර්ථික පීඩාවන්ට එරෙහිව ,මීගමුව විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය

0
327

 

වර්තමාන මාලිමා රජයේ වංචා සොරකම් හා අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වර්තමානයේදී පත් ව ඇති ආර්ථික අපහසුතාවන් සහ පීඩාවන්ට එරෙහිව, රජයට විරෝධයපෑමේ විරෝධතාවක් අද උදෑසනදී ( 09/04/2026) මීගමුව මහා නගර සභාව ඉදිරිපිට දී පැවැත්විණි.

මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී කණ්ඩායම මෙලෙස, වර්තමාන රජය විසින් ජනතාවට කිසිදු සහනයක් නොදී, ජනතාවට සිදුකර ඇති ආර්ථික පීඩාවන්ට එරෙහිව රජයට විරුද්ධත්වය ප්‍රකාශ වන පරිදි, කළු ඇඳුමින් සැරසී එලෙසම කළු පටි ද අත පළඳා, රජයට විරුද්ධත්වය ප්‍රකාශ වන පරිද්දෙන් දැන්වීම් පුවරුද අතැතිව මහා නගර සභාව ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණු අතර ඉන් පසුව එම පුවරුද අතැතිව එම නාගරික මන්ත්‍රී කණ්ඩායම පා ගමනින් මහා නගර සභාවේ මහා සභා රැස්වීම පැවැත්වෙන ප්‍රධාන ශාලාව වෙත ගමන් කළහ.IMG 20260409 083241 IMG 20260409 083215 IMG 20260409 083155 1

IMG 20260409 WA0043 IMG 20260409 WA0041 IMG 20260409 WA0042 IMG 20260409 WA0039 IMG 20260409 WA0040 IMG 20260409 WA0038 IMG 20260409 WA0037 IMG 20260409 WA0035

ඒ අනුව රට තුළ සිදුවී ඇතැයි කියන ගල් අඟුරු වංචාව , රජය විසින් ජනතාවට පීඩාවක් වනසේ වැඩි කළ විදුලි බිල සහ ගැස් මිළ පිළිබඳවත් , එලෙසම මීගමුව පුරවරයේ වෙසෙන බහුතරයක් වන ධීවර ජනතාවට කිසිදු සහනයක් ලබා නොදීම ආදී කරුණු කාරණා මුල් කර ගනිමින් මෙහිදී මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම, රජයට එරෙහිව සිය විරෝධතාවය ප්‍රකාශ කළහ.

සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමේ, කණ්ඩායම් නායක දිලිනි ජයකොඩි නාගරික මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ වර්තමාන රජය විසින් ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත්කර ඇති මෙවන් කාල වකවානුවක, තව දින කිහිපයකින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම රටේ බහුතර ජනයාට සිහිනයක් වී ඇති බවයි. එමෙන්ම ඇය වැඩිදුරටත් පැවසුවේ බලයට පත්වී වසරක පමණ කාලයක් ගතවී ඇති වර්තමාන මාලිමා ආණ්ඩුව විසින් බලයට පත්වීම සදහා ජනතාව මුලා කරමින්, බොරු බේගල් පවසමින් රටේ සමස්ත ජනතාව මුලා කර ඇති බවයි.

මේ සියලු කරුණු කාරණා හේතු කරගෙන රටේ බහුතර ජනතාව සමගින් මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම ලෙස මෙලෙස ආණ්ඩුවට විරෝධතාවය ප්‍රකාශ කිරීමට මෙවැනි විරෝධතාවයක් සංවිධානය කළ බව එම මන්ත්‍රී කන්ඩායමෙි මොහොමඩ් නුස්රි නාගරික මංත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here