ඇයගේ නාමය දිනේවා! යුද්ධයට සාපවේවා!

0
44

දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අල් මයාඩීන් මාධ්‍යවේදී ෆාතිමා ෆටූනි අද මරා දමන ලදී.

ඇගේ ජාලය සහ බහු ප්‍රවෘත්ති ආයතනවලට අනුව, දකුණු ලෙබනන් දිස්ත්‍රික්කය වන ජෙසීන් හි යුද පෙරමුණෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම් ආවරණය කරමින් සිටියදී, පැහැදිලිව සලකුණු කරන ලද මාධ්‍ය මෝටර් රථයට ඊශ්‍රායලය කෙලින්ම මිසයිල එල්ල කරන ලදී. එම ප්‍රහාරයෙන් ෆටූනි ඇගේ සහෝදරයා වන කැමරා ශිල්පියෙකු වන මොහොමඩ් ෆටූනි සහ අල්-මනාර් වාර්තාකරුවකු වන අලි ෂෝයිබ් සමඟ ඝාතනය විය.

ඊශ්‍රායලය කියා සිටියේ ඇය හිස්බුල්ලා සන්නද්ධ සටන්කරුවන්ට සම්බන්ධ බැවින් මරා දමන ලද බවය. නමුත් ඇය සන්නද්ධ සටන්කාමීන්ට සම්බන්ධ බව පෙන්වීමට ඊහ්‍රායලය කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

මෙම ප්‍රහාරය මාධ්‍යවේදීන් ආරක්ෂා කරන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස ලෙබනන් ආණ්ඩුව හෙළා දුටුවේය. ජනාධිපති ජෝසප් අවුන් එය “දරුණූ අපරාධයක්” සහ ජිනීවා සම්මුතීන් උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වූයේය.

අල් මයාඩීන් ෆටූනිගේ ඝාතනයට පෙර පෙර , මීට පෙර ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇගේ ඥාතීන් ඝාතනය කර තිබුණි. දැනට ඔශ්‍රායලය විසින් ලෙබනන් මාධ්‍යවේදීන් හය දෙනෙකු ඝාතනය කර තිබේ.

ඇයගේ නාමය දිනේවා! යුද්ධයට සාපවේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here