ඇසට කඳුළක් එක්කල සේවක ඇගයුම..

0
176

මිගමුව මහනගර සභාවේ වාහන නඩත්තු අංශයේ සේවක මහතෙකුව නොසිතු මොහොතක ඇගයුමකට ලක්වුනා.

ශාන්ත කියල කියන්නේ මිගමුව මහනගර වාහන නඩත්තු අංශයේ ඉන්න තමන්ගේ ඩියුටියට පණ වගේ ආදරය කරපු මනුස්සයෙක් .

විශ්‍රාම යන්නත් තියෙන්නේ තව  ටික දවසක්.
හැම වාහනයක් ගැනමත් ඒවල තියෙන ලෙඩ ගැනත් හරියට කොමිපියුරයක වගේ දේවල් මතක තියාගෙන ඉන්න චරිතයක්.

නිවාඩුවක් නොගෙනම දිගටම වැඩකරපු සේවකයෙක්

කොටින්ම කියනවනම් පුතා ඩෙංගු හැදිල ලෙඩ වෙලා ඉන්න කොටත් ඒ සේරම කරදර බැලැන්ස් කරගෙන සේවය මඟනොහැර කරපු  සුපිරිම  කෙනෙක්.

තමන්ගේ වගකිම මොන හේතුවක් හින්දවත් මගඅරින්න හේතු හොයපු නැති මනුස්සයෙක්

අමතක කරන්න එපා මහනගර සභාවේ ඇතැම් සේවකයෝ මෙතනට ඇවිත් ඇගිලි සලකුණු  තියල වීල් එලවල තවත් ගානක් කපපු කාලෙකුත් මේකෙ තිබුන

වැඩේ කියන්නේ මේ ශාන්තල වගේ අවංක සේවයකයන්ව ඇගයුමකට ලක්කරන්න කාටවත් නොහිතෙන එක.

දවසක් පුදුම වැඩක් වුනා.එදා කාර්මාන්ත කාරක සභාවේ රැස්විම

ශාන්ත එදත් කොච්චිකඩේ සහ දළුපොත පැත්තේ නගර සබාවේ වාහනයක් හදන්න ගිහින් උන්නේ.

හදිසියේම එයාට දුරකතන ඇමතුමක් එනව.නගර සභාවට එන්න කියල.

එත් අතගහපු වැඩේ මගදාල එන්නත් බැනේ.ආයේමත් ඇමතුමක්

ශාන්ත කොහොම හරි එනව.එතකොට කර්මාන්ත කාරක සභාව පැවැත්වෙමිනුයි තිබුනෙ

එතන ශාන්ත ඉන්න ඕන තැනක් නොම් කියල එයා දන්නව.

රැස්විම යන අතරතුරේ එතනට එන්න කියල ශාන්තට අරයුමක් ලැබෙනව.ඒ මොකටද කියල ශාන්තටත් හිතාගන්න බෑ.

ශාන්තගේ කැපවුන සේවය ගැන කර්මාන්ත සභාවෙි අය කථාකරනව.

මේ අස්සේ ශාන්තට සංකේතාත්මක ඇගයුමක් කෙරෙනව.මුදල් වවුචරයක් අතට ලැබෙනව.ඒක ගන්න ආපු ශාන්තගේ  අත් වෙව්ලනව.

ඇස් කඳුළු වලින් පිරෙනව…

මේ වගේ අවංක සේවකයන්දි දිරිමත් කරන්න ඕන නේද කියන පණිවිඩේ ශාන්තගේ ඇස්වල පිරුණු කඳුළු වලින් අනිත් අයටත් පණිවිඩයක් දෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here