කොරෝනා දෙවන රැල්ල මේ වන විට දිස්ත්‍රික්ක ගණනාවක් පුරා වේගයෙන් පැතිර යමින් තිබේ. බ්‍රැන්ඩික්ස් පොකුරෙන් පසු වැඩිම ආසාදිතයන් ගණන් මේ වන නිර්මාණය වෙමින් ඇත්තේ පෑලියගොඩ වෙළඳ සංකීර්ණය මුල් කොට ගෙනයමේ අතර අද (23) උදෑසන “දෙරණ අරුණ “සමග එකතු වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පිළිබඳ මෙසේ අවධාරණය කළේය.
“ඊයේ දවසේ කොවිඩ් 19 ආසාදිතයින් 309 දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වුණ අයගෙන් විශේෂයෙන්ම සැළකිල්ලට ගත යුතු වන්නේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් 188 දෙනෙක් වාර්තා වීමයි. ඒ සමග නිරෝධායන මධ්‍යස්ථානවලින් 24 දෙනෙක්. කොළඹින් 31 දෙනෙක්. ගම්පහ මේ වන විටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවලින් 40 දෙනෙක්. සැළකිය යුතු ප්‍රමාණයක් ලෙස 14 දෙනෙක් වාර්තාවෙනවා කුලියාපිටිය ප්‍රදේශයෙන්. ඊට අමතරව පිටස්තරයින් ගාල්ලෙන් 9 දෙනෙක් සහ අනුරාධපුරයෙන් දෙදෙනෙක් හැටියත් වාර්තා වෙනවා. ඒ අතර බේරුවල ප්‍රදේශයෙනුත් කිහිපදෙනෙක් වාර්තා වී තිබෙනවා.“












