නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් අද සංවිධානය කර තිබුන මුල්ලිවයික්කාල් කංජි දන්සල කඩාකප්පල් කිරිමට නැගෙනහිර පොලිස් ලොක්කන් කටයුතු කර තිබේ.






මේ පොලිස් ලොක්කන් පසුගිය 12 වනදා සාම් පුර්හිදි ඉතාමත් ම්ලෙච්ඡ ලෙස හැසිරුන ආකාරය දැන් ලොවම දනි.කණගාටුවට කරුණ නම් දකුණේ මාධ්‍ය බහුතරයකට මේවා වැදගත් පුවත් නොවිමය
මේ අතර නැගෙනහිර පොලිස් ලොක්කන්ගේ මේ හැසිරිම පොලිස්පති මෙන්ම රජයද අපහසුතාවයට පත්කිරිමේ කුමන්ත්‍රණයක්ද යන සැකය පවා මේ වන විට මතුව ඇත්තේ නැගෙනහිර ඇරෙන්නට වෙනත් කිසිදු ස්ථානයකදි පොලිසිය විසින් හෝ හමුදාව විසින් කිසිදු මැදිහත්විමක් නොකරන ලද පසුබිමකය.
අද මුල්ලිවයිකාල්හිදි පැවැති සැමරුමට කිසිදු බාධාවක් එල්ලවි තිබුනේ නැත.අඩුම තරමින් එ අවට පොලිස් නිලධාරින් හෝ හමුදා භටයන් පවා සිටියේ නැත.
අද සැමරුමට එක්ව සිටි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ලේකම් වරිය පවා මාධ්‍ය හමුවේ අවධානය කර තිබුනේ මළවුන් සැමරිම සැමගේ අයිතියක් බවය.












