කටාන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නඩු තීන්දුව 04 වෙනි වරටත් කල් යයි. …

0
18

 

2017 වසරේ කටාන පොලිස් ස්ථානයේ ,ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයෙකුට හා සැරයන්වරයෙකුට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටි කටාන පොලිස් ස්ථානයේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ ,ජගත් තේමය සෙනාරත්න නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ අවසන් තීන්දුව (24/03/2016) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් පූර්ව ගාමීවිනිසුරු හෙවත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා වෙනත් අධිකරණයක් වෙත මාරුවක් ලබා ගොස් ඇති බැවින් වර්තමාන මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්චරිය වන ශීලනී පෙරේරා මහත්මිය ඊයේ දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සඳහන් කළේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා එම මහේස්ත්‍රාත්වරයා ( මීගමුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිය යුතු බැවින් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

ඒ අනුව වාර්තා වෙන පරිදි එළඹෙන ජුනි මස 16 වැනි දින එනම් 2026/06/16 දින මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

2017 වසරේදී තමන් යටතේ සිටි නිලධාරින් දෙදෙනෙකුට පහර දීමක් සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පැවරූ අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි .

වසර 09 ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය දෙසැම්බර් 02 වන (02/12/2025) දින වන අතර දිට්වා සුළි කුනාටුව නිසා රට තුළ ඇතිවුණු අයහපත් ආපදා තත්ත්වය හේතුවෙන් එම තීන්දුව පසුගිය ජනවාරි මස 27 (27/01/2026)
වැනි දිනට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

එහෙත් එදිනද මෙම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සිදු නොවූ අතර එහිදී අධිකරණයේදී ප්‍රකාශයට පත් වූයේ එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා සූදානම් කර නොමැති බවය. ඒ අනුව එදින එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊයේ දිනට එනම් 24/03/ 2026 දිනට කල් තැබිණි.

විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමිය සේනාරත්න නමැති අය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටි අතර, ඔහු මේ දිනවල විදේශගතව සිටින බැවින් ඊයේ දින විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ යසස් විජේසිංහ මහතා , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර ඒ අනුව මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම එළඹෙන ජුනි මස 16 වැනි දින සිදුකිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here