කටුනායක අධිවේගී මගට පිවිසෙන ඔබට සුන්දර දසුනක්! Ranka වැඩක් !

0
130

 

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට හා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයටද ,එලෙසම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන මංසන්ධිය හෙවත් 18 කනුව මංසන්ධිය ආශ්‍රිතව ,කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය මධ්‍යයේ ඉතා අලංකාරවත් ව දැකුම්කලු ලෙස මල් වවා ඇති ආකාරය මේ දිනවල එම මංසන්ධියෙන් යන එන අයට දැක ගත හැකිය. විශාල මුදලක් වැය කරමින් පරිසර අලංකරණ වැඩසටහනක් ලෙස සහ සමාජ සද් සත්කාරයක් ලෙසින් මෙම වැඩසටහන ආරම්භ කරමින් පවත්වාගෙන යනු ලබන්නේ, කටුනායක 18 කනුව ප්‍රදේශයේ ස්ථාපිත වසර ගණනාවක් මුළුල්ලේ පාරිභෝගික විශ්වාසය දිනා ගත්ත රැන්කා ෆුඩ් හවුස් සහ රැන්කා ෆැමිලි රෙස්ටුරන්ට් හී පූර්ණ මුළ්‍ය දායකත්වයෙනි.

ඒ අනුව 18 කනුව මංසන්ධිය ආශ්‍රිතව කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය මධ්‍යයේ එදා චමත්කාරජනක
” බෝගන්විලා ” නැමැති මලින් පිරි ශාක අඩංගු අලංකාර මල් බඳුන් 70 කට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රධාන මාර්ගය මධ්‍යයේ ස්ථාපිත කර දිනපතා උදේ සහ සවස් වරුවේ ,දිනකට දෙවරක් ජලය දැමීම දසිදු කරනු ලබයි. ඒ සඳහා කුඩා ලොරි රථයක්ද ඒ සඳහා සකසා ඇති අතර මෙම බෝගන් වෙලා මල් පඳුර සහිත මල් පෝච්චි දිනපතා නඩත්තු කිරීමටද විශාල මුදලක් වැය කරනු ලබයි.

වර්තමාන රජය විසින් ද පරිසර අලංකරණය සහ අප අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර එවැනි වැඩසටහන් සහ ව්‍යාපෘතිවලට අමතරව පෞද්ගලික අංශය ව්‍යාපාරික ආයතන විසින්ද මෙවැනි පරිසර අලංකරණ වැඩසටහන් ඇත්තෙන්ම සමාජ සද් සත්කාරයක් ලෙස හැඳින්විය හැකිය.

ඈලී මෑලී වී ගිය සහ කිසිදු සිරියාවක් නොමැතිව තිබූ 18 කණුව මංසන්ධියට මෙවැනි චමත්කාර වූ අලංකාරයක් එක්කල රැන්කා ෆුඩි හවුස් ආයතනය විසින් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන මෙම පරිසර අලංකරණ වැඩසටහන අනෙකුත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතනවලටද ආදර්ශයක් වන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here