කඩොල්කැලේ ක්‍රීඩාංගණය මුල් කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයක් සදහා මුල් ගල තැබිමක් පසුගියදා සිදුවනා.
පහුගිය පවුල් පාලනය මේ පිට්ටනි එයාලගේ යාලුවන්ට දිල තිබුනේ හරියට පවුලේ දේපල කියල හිතාගෙන
මලල ක්‍රිඩා කටයුතු ඇතුළු අනෙකුත් තරඟ පවත්වන්නට හැකි දැනට මිගමුවේ තියෙන එකම පිට්ටනිය තමයි මේ.
මෙම ක්‍රීඩා සංකීර්ණය අදියර කිහිපයකින් ඉදිවීමට නියමිතයි
.
එහි පළමු අදියර ලෙස FIFA මගින් ඇමරිකන් ඩොලර් 150,000(රු.මිලි 45) ප්‍රදානයකින් හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් යොදවන රුපියල් මිලියන 15ක පමණ මුදලකින් මිනි ෆුට්සාල් ක්‍රීඩාංගනය ඉදිකිරීමට නියමිතයි
.
පාපන්දු සම්මේලනය මගින් මෙවැනි කුඩා Futsal ක්‍රීඩාපිටි දෙකක් දිවයිනේ ස්ථාපනය කිරීමට සැලසුම් කරල තියෙනව.
පළමු ක්‍රීඩාංගණය දැනටමත් කෝට්ටේ ඉදි වෙමින් පවතින අතර දෙවන ක්‍රීඩා පිටිය මීගමුව කේන්ද්‍ර කොට ගෙන ඉදිකිරීම අද දින පෙරවරුවේ මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ,ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන්
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි ම ,පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු , මීගමුව නගරාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ රොබට් හීන්කෙන්ද ,නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු
,මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි ,නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ ,පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මුල් ගල් තබා වැඩ පටන් අරන් තිබුනා
එක්තරා කාලෙක ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරපු රැසක් මිගමුව නියෝජනය කලා.
මේ සියල්ල විනාශ
කරන්න සෘජුව හරි වක්‍රව හරි මුල් වුන සමහර චරිත අද පාපන්දු ලොකු පුටුවලටත් ගිහින් .මිගමුුවේ පාපන්දු ක්‍රිඩාවට එදා ඉදන් අද වෙනකම්ම ආදරය කරන හැමෝටම මේව නම් අමතක නෑ.
මේක තමයි තිත්ත ඇත්ත.

















