කතෝලික සභාවට සිංහලකම ගෙනා ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ථ වෙයි.

0
138

91232871 10213655585024252 9002082741805645824 o

සිංහල සිනමාවට සහ කතෝලික සභාවට අපේ කම, සිංහලකම ගෙනා පියතුමා වූයේ ගරු අර්නස්ට් පෝරුතොට පියනම බව නොරහසකි.

කතෝලික සභාව යනු කතෝලික ජනතාව බව අදහන එතුමාගේ අදහස ඒ ජනතාව ගේ හෘද ස්පන්දනය හා සිතුම් පැතුම් අනුව මුලු මහත් කතෝලික සභාවම ක්‍රියාකළ යුතු බවයි. පුංචි කාලේ හිතූ හැටියටම කොළඹ පදවියේ විතරක් නොවෙයි, ලෝකයේම නම රැන්දූ රටට වැඩදායී පූජක ප්‍රසාදිවරයකු බවට පත් වීමේ වරම් ලැබූ අර්නස්ට් පෝරුතොට පියතුමා අද උදෑසනම (16)  ස්වර්ගස්තවී තිබෙනවා.

1931 අගෝස්තු 31 උපන් ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගයේ දොරටුව විවර වන විට අවුරුදු 89ක් විය. පෝරුතොටගේ ජෝකිනු ප්‍රනාන්දු පියාගෙත් සීදුවේ මේරි මාග්‍රට් පීරිස් මවගෙත් ආදරණීය පුතනුවන් වූ
ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාගේ පියා මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කලේය.

පසුලේ වැඩිමලා වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාට සහෝදරියෝ තිදෙනෙක් සහ සහෝදරයෙක් සිටියේය. මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසල අධ්‍යාපනය හැදැරූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා 1957 පෙබරවාරි 02 පූජාත්වරයලැබුවේය.

දෙහියගාත, කැලණිය, කළුතර කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කිරිමැටියාගාර යන මීසම්වල දේව සේවයේ යෙදුනේය. ඒ වගේම ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 – 1982) දරන ලදී.

ලේඛකයෙකු වගේම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සිනමාවට කල සේවය මෙතෙක් යැයි කිව නොහැක.

ස්වර්ගස්ත වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමෙනී,
නිසැකවම ඔබ වහන්සේට ස්වර්ගයේ දොරටුව විවර වනු ඇත. සුබ ගමන්..!

91578198 10213655590744395 6866351241018998784 o

ඡායාරූප : කීර්ති අමරසේකර
aperata.net/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here