කසල වෙන්කරමු.ට්‍රැක්ටරේ කුණු බර අඩුකරමු.

0
422

 

ඇත්තටම මේවා කසල නෙමෙයිනේ මේවා සල්ලි.කසල වෙන්නේ මේව ඕක්කොම එකතුවෙලා කලවම් කරල ආපුහාම

ඒ තත්වය  වෙනස්කරන්න වෙනසකට     පොඩි ආරම්භයක් තමයි අපි මේ ගත්තේ.

එහෙම කිව්වේ නාගරික මන්ත්‍රී කුමාරිසිරි සහෝදරයා .අවුරුදු ගානක් තිස්සේ තමන්⁣ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් අතනොහැර සටන් කරපු මනුස්සයෙක්.

කටාන නැගෙනහිර කොට්ටාශ සභාවත් එකතුවෙලා තමයි මේ වැඩේට මුල පුරල තිබුනේ.
ආඩ්අම්බල⁣මේ උපකාර්යාලයෙන් තමයි වැඩේ මුලිකත්වය අරන් තිබුනේ

ඇත්තටම කුණු කසල නියම විදියට වර්ගීකරණය කරන වැඩකට මුල පුරනව කියන්නෙම අනාගතයේ බරපතල ප්‍රශ්ණයක් හැටියට එන්න තියෙන අර්බුදයක් අද ඉදන්ම කළමනාකරණය කරන්න පුලුවන් වෙනව කියන එක.

මේවල අදායම් කරගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනව.
දැන් කසල දාන්නත් තැන් පිලිබද ප්‍රශ්ණත් තියෙන පසුබිමක මේ විදියට කසල වෙන්කරල ,විදිමත් කරගන්න හැකිනම් ඇත්තටම ට්‍රැක්ටරයේ කුණු බර හරි අඩකින් අඩුකරගන්නත් පුලුවන් වෙයි.
මේ වැඩේට ලොකු ජන සහභාගිත්වයකුත් තිබුනා

IMG 20250621 WA00931IMG 20250621 WA0099 1IMG 20250621 WA0097 1IMG 20250621 WA0098 1IMG 20250621 WA00871IMG 20250621 WA0085IMG 20250621 WA00831IMG 20250621 WA00941

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here