වැල්ලවිදියේ පල්ලියේ මංගල්‍යය හෙට.(25) මංග්‍යලයට පාට බ්ල්බ් දාල පාර සරසන්න කාමච්චොඩේ පොළේ ඉන්ටලොග් ගල් විශාල ප්‍රමානයක් පොළව විද විනාශ කර තිබිම සම්බන්ධයෙන් අපි ජනවාරි 24 වනදා පුවතක් පළකළෙමු.
මෙය ඉතා පැහැදිලි ලෙස නගරසභා දේපලකට කරන ලද හානියකි.
.මේ ක්‍රියාව පිටුපස සිටින පිරිස ගැන නම සදහන් කිරිමට අකමැති වු ප්‍රදේශවාසියෙකු කියා සිටියේ මෙවර පොළ ටෙන්ඩර්ය තරඟකොට ලබාගැනිමට නොහැකි පාර්ශවයන් පවා සිටිය හැකි බවය.
මේ අතර මේ ගැන විමසා බැලිම සඳහා නගරාධිපති රොබට් හීන්කෙන්ද සහ කර්මාන්ත කාරක සභාවේ සභාපති සංගීත් පෙරේරා මෙම ස්ථානයට ගොස් තිබුණ අතර සිදුකර තිබුන අලාභ හානි සම්බන්ධයෙන් කඩිනමින් නිතිමය පියවරක් ගන්නා බවද ප්‍රකාශ විය.
නීතියට උඩින් කිසිවෙකුත් නැතැයි ජනපති කියා සිටියද මිගමුවට අදාලව නම් මේ ප්‍රකාශය නොගැලපෙන්නේ නගරාධිපති ඇතුළු මාලිමා පාලනය නිතියට පිටින් මිගමුවේදි වැඩකර ඇති කිසිවෙකුට මේ වනතුරුත් දඬුවම් දි නැති තත්වයක් නිර්මාණය වි තිබිම නිසාය..
මහජන දේපල විනාශ කළ කොල්ල කෑ තක්කඩියන් මිගමුවේදි සිටින්නේ තවමත් නීතිය උඩින් බව රටේ මාලිමා බලධාරින් බරපතල තත්වයක් ලෙසින් සැලකිය යුතුව තිබේ.











