
බස්නාහිර වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (16) ගම්පහ, වතුරුගම ප්රදේශයේ හදිසි වැටලීමක් සිදුකරමින් නිවසක් පරීක්ෂා කිරීමේදී කොටි සමක් යොදා කළ කොටියෙකුගේ අනුරුවක් සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් විමසීමෙන් අනතුරුව එම නිවසේ සිටි කාන්තාවක් නිලධාරීණියක් ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ලෙන එම කොටි සම සහිත අනුරුව සමග සැකකාරිය එදිනම(16) ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ගරු මහේස්ත්රාත් විසින් සැකකාරිය රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත නිදහස් කළ අතර විශේෂඥ වාර්තා කැඳවීම වෙනුවෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත කොටි සම සහිත අනුරුව යොමු කරන ලෙස නියෝග කළා.
උපුටා ගැනීම -වනජීවි සංරක්ෂන දෙපාර්තමේන්තුව
වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති හා වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව දැඩි ලෙස ආරක්ෂිත සතෙකු වන ශ්රී ලංකා කොටියා (Panthera pardus kotiya) ශ්රී ලංකාවට ආවේණික සත්වයෙක්. මෙවැනි සත්වයෙකුගේ ශරීර කොටස් සන්තකයේ තබා ගැනීම, විකිණීම, ප්රදර්ශනය කිරීම, ප්රවාහනය කිරීම වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව දඩුවම් ලැබිය හැකි වරදක්. එවන් ශරීර කොටස් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ඔබ දන්නේ නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1992 ක්ෂණික දුරකථනයට ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
මෙම වැටලීම බස්නාහිර වනජීවී කලාප කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක(අධිශ්රේණිය) පී.කේ.පී.එම්.ප්රදීප් රත්නායක , වනසත්ව අඩවි ආරක්ෂක ආර්.කේ.සෝමචන්ද්ර, වනසත්ව අඩවි සහකාර අයි.ආර්.සමරසිංහ, වනජීවී නියාමක කේ.පී.වයි.නවාංජන හා ප්රදීප් රත්නසිරි, ක්ෂේත්ර සහයක ඒ.ඒ.යූ.පුෂ්පකුමාරි , රියදුරු ජී.ජී. තුෂාර යන නිලධාරීන් විසින් සිදුකළා.












