නාවික හමුදාව හා වනජීවී නිලධාරීන් එක්ව මීගමුව වෙරළ තීරයේ දී 2026.02.11 දින සිදු කළ මෙහෙයුමක දී කැස්බෑවන් 07 දෙනෙකු මැරූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
නාවික හමුදා “කැලණි” දූව – මීගමුව නාවික හමුදා අනුකණ්ඩයේ නිලධාරීන් හා මුතුරාජවෙල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් මීගමුව වෙරළ තීරයේ දී බටු කැස්බෑවන් 07 දෙනෙකු මරා මස් කිලෝග්‍රෑම් 96 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඔවුන් මීගමුව ප්‍රදේශයේ ධීවරයන් වන අතර එම සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ 2026.02.11 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ගරු මහේස්ත්‍රාත් විසින් එම වැරදිකරුවන් පසුගිය 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
18 වන දින නඩුව නැවත කැඳවූ අතර ගරු මහේස්ත්‍රාත් විසින් වැරදිකරුට 250,000.00 ක දඩ මුදලක් නියම කළා.
මෙම වැටලීම මුතුරාජවෙල අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් හා මීගමුව නාවික හමුදා නිලධාරීන් විසින් සිදුකළා.
(Department of wildlife conservation sri Lanka ෆේස්බුක් පිටුවෙනි)












