“ඥානාර්ථ ප්‍රදීපය”ලේඛක සංසදය විසින් සංවිධානය කළ, “කිතු අභිමන්” සාහිත්‍ය සම්මාන උළෙල, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්,අද දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
“ඥානාර්ථ ප්‍රදීපය” ප්‍රධාන සංස්කාරක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු, කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ ගරු ජූඩ් රාජ් ප්‍රනාන්දු , “Catholic messenger” සංස්කාරක, ගරු රොහාන් ද සොයිසා යන පියතුමන්ලා සමග ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු කතෝලික ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් මීට සහභාගි වී සිටියහ. කිතුනු ලේඛක ලේඛිකාවන්, පුවත්පත් වාර්තාකරුවන්, ඡායාරූප ශිල්පීන් රැසක්ම මෙහිදී ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූ අතර කාව්‍ය හා කෙටිකතා තරගවලින් ජයගත්, ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට, ත්‍යාග හා සහතික පත් බෙදාදීමද මෙහිදී සිදු කෙරිණි.
( සේයාරූ ප්‍රියංග සම්පත් සහ ටී. සුනිල් ප්‍රනාන්දු )











