කුණු උඩ ඇවිත් වංචා දුෂණ හොර මගඩි යට යාම?

0
720

 

මිගමුවේ ඇති ප්‍රධානතම ප්‍රශ්ණය සහ කාණු යැයි සිතා සිටින වත්මන් මාලිමා පාලනය මුලු බර යොදා ඒ වෙනුවෙන් වෙහෙසෙන ආකාරය දිනපතා ප්‍රදර්ශනය වෙමින් ඇති සමාජ මාධ්‍ය පින්තුර කතා වලින් මනාවට හෙළිවෙමින් තිබේ.

කුණු සම්බන්ධයෙන් හෝ කාණු ගැන අවධානය යොමු නොකළ යුතුයැයි ඉන් අදහස් නොකෙරේ.ගැටලුව ඇත්තේ පසුගිය මාස තුන පුරාවටම කුණු සහ කාණු වලට එහා ගිය යමක් කරගැනිමට මාලිමා පාලනයට මිගමුව තුල නොහැකිව තිබිමය.

නගරාධිපතිවරයාද මුලු බර යොදා මේ තැන් නිරික්ෂණය කිරිමට දක්වන උනන්දුව විසින්ද මෙය තවත් තහවුරු වෙමින් තිබේ.

මිගමුවේ ඇත්ත ප්‍රශ්ණ වලට අතගැසිමට නගරාධිති හීන්කෙන්ද බය යැයි නගාරික මන්ත්‍රි මණ්ඩලය තුලම මේ වන විට අදහසක් වර්ධනය වෙමින් ඇතැයිද සැලය.

FB IMG 1754659601478 1

මේ අනුව අනවසර ඉඳකිරිම්, කොමිස් වෙනුවෙන් ඉඳිකිරිම් ආරම්භ කොට අතර මඟ අතහැර දමා ඇති ඉදිකිරිම්ද ඇතුළු තවත් මරාන්තික කාරණා කුණු වලට යටවි අතහැරෙමින් තිබේද යන ගැටළුව මේ වන විට මතුවෙමින් තිබේ.

කාමච්චෝඩේ සාකච්ජාවට මොකද වුනේ?InShot 20250627 080615840

කාමච්චෝඩේ පොල ගොඩනැගිල්ල සහ අවට තත්වය මිහිපිට ආපායක් යැයි කි නගරාධිපති හීන්කෙන්ද ඒ ප්‍රශ්ණය කඩිනමින් විසදාලිම සදහා විශේෂ රැස්විමක්ද යොදා ගත් බව අපට මතකය.කෙසේ වෙතත් අදාල දිනයේදි නොපැවත්වුන ඒ අත්‍යවශ්‍ය රැස්විම දැන් නගරාධිපතිට අමතකව ගොස් සැටියකි.

මේ ඛේදවාචකය වන්නේ කාම්ච්චෝඩේ තරුණයෙකුට මීඋණ වැළදිම නිසා ජිවිතයෙන්ම වන්දි ගෙවිමට සිදුව තිබිමය.

මිගමුව බස්නැවතුම ඉදිරිපිට මාලිමා රජය පත්විමෙන් පසුව කරනු ලැබු අනවසර ඉදිකිරිමක් ( පෙට්ටිකඩයක්) මෙතෙක් වෙළදාම් සඳහා විවෘත කර නොතිබුණද අද පෙරවරුවේ එය විවෘත කොට තිබුන බව නිරික්ෂණය විය.

කර්මාන්ත කාරක සභාවේ සභාපතිවරයා මිට පෙර මේ සියල්ල ගැන විමසිම් සිදුකර තිබුණද ඒ අනවසර ඉදිරි කිරිම් වෙනදාටත් වඩා හොදින් පවතින බව නම් පැහැදිලිය.

මිගමුවේ නගර පාලනය මාලිමාව අහිමිව එහෙ මෙහෙ යන යාත්‍රාවක් බවට දැන් පත්ව තිබේ.

අස්ථාගතව ඇති පරිඝණකය සහ කැමරාව ගැන කෝ විමර්ශණ

InShot 20250623 1539515921

නගර සභා මුදල් රු ලක්ෂ 25ක් පමණ වැය කර මිළට ගෙන තිබුන කැමරාව සහ උපාංගද, ලැප්ටොප් පරිඝණයකට වෙච්ච දෙයක් නැත.

තතු එසේව තිබියද නගරාධිපති හීන්කෙන්ද සිය නිල කාමරය සඳහා පොටෝ ⁣කොපි යන්ත්‍රයක් සහ පරිඝණකයක් අවැසි බව කියා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here