කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ හා පොලිස් අධිකාරිගේ ස්ථාන මාරු ස්ථීරයි

0
103

 

Sri_Lanka_Police_logo.svgකුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට ලබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවීමට ජාතික පොලිස් කොමිසම විසින් තීරණය කලද නැවතත් එම තීරණය වෙනස් කරමින් අදාළ ස්තාන මාරු ස්ථීර කිරීමට පොලිස් කොමිසම ඊයේ (08) තීරණය කලේය.

ඒ අනුව කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කන්තලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනා කුරුණෑගල දිසාවේ සේවය කලහොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට  බාධා ඇතිවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් අනතුරුව මොවුන් එට ස්ථාන මාරු ලබාදීමට වැඩබලන පොලිස්පතිතුමන් විසින් තීරණය කලේය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here