කොච්චිකඩේ අනාරක්ෂිත හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුන මාළු ව්‍යාපාරිකයා මියයයි

0
1290

 

images 4

අද (5) පෙරවරු 10.30 ට පමණ  මීගමුව, කොච්චිකඩේ ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී  ධාවනය වෙමින් තිබු දුම්රියක ගැටුු යතුරුපැදියක්  අනතුර සිදුව තිබේ. මෙම අනතුරින් එම යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි වාර්තාවේ. අනිත් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති අතර මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවද වාර්තාවේ.
වාර්තා වෙන පරිදි දිනපතා හලාවත සිට කොළඹ බලා ගමන් කරන පෙරවරු දුම්රිය මීගමුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇත්තේ සෑම දිනකම පෙරවරු 10.25 පමනය. ඒ අනුව අද දින (05/07/2025) පෙරවරු 10.15 ත් 10.30 අතර කාලයේදී මෙම දුමිරිය වයික්කාල දුම්රිය ස්ථානයේ සිට කොච්චිකඩේ දුම්රිය ස්ථානයට පැම්නෙමින් තිබෙන අතරතුරදී , කොච්චිකඩේ දුම්රිය ස්ථානයට ආසන්න
” ලුර්දු පෙදෙස” දුම්රිය හරස් මාර්ගයෙන් යතුරු පැදියක් අපරික්ෂාකාරිව ධාවනය කර ඇති අතර ඒ අවස්ථාවේදී එම යතුරු පැදිය ධානනය වෙමින් තිබු දුම්රියේ ගැටී තිබේ.
දුමිරියේ ගැටුණු එම යතුරු පැදිය මීටර් 50 කට පමන වැඩි දුරක් කොච්චිකඩේ දුම්රිය ස්ථනය දෙසට ඇදී ගොස් තිබේ.
මෙම අනතුරින් එම ස්ථනයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුනේ , මීගමුව , පෙරියමුල්ල ,මුස්ලිම් දේවස්ථාන පාරේ විසු
” ශන්කර් ” නමින් හඳුන්වන ප්‍රකට මාළු ව්‍යාපාරිකයෙකි. දරු දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු සමඟින් එම යතුරු පැදියේ ගමන් ගත් ඔහුගේ වැඩිමහල් පුතු ද මේවන විට බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ, දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර ඇති බවත් ඔහු තවමත් පාසල් සිසුවෙකු බවත් වාරතා වුණි.
මෙම දුම්රිය අනතුර සිදු වු ” ලූර්දු පෙදෙස” දුම්රිය හරස් මාර්ගය , අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ලෙසද ප්‍රදේශවාසීන් හඳුන්වයි. එම ස්ථානයේ කිසිදු ආලෝක සංඥා පද්ධතියක් (ලයිට් සිග්නල්) හෝ සයිරන් නලා පද්ධතියක් හෝ නොමැති අතර එම ස්ථානයේ උණ බම්බු වලින් සැකසු ගේට්ටුවක් යොදා තිබිණි. උණ බම්බු වලින් තැනු එම ගේට්ටුව විවෘත කිරීමට හා වසා දැමීමට, ගේට්ටු මුරකරුවෙක් සිටි අතර ඔහු මේවන වට එම කාර්යයෙන් ඉවත්ව යන බව පවසා කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලිපියක් භාර දී එම කාර්යයෙන් ඉවත් වී ඇති බවද වාර්තා වුනි. එලෙස එම ගේට්ටු මුරකරු ඉවත්වී දැනට මාසයක් පමණ ඉකුත්ව ගොස් ඇතත් ,එම ස්ථානය සඳහා වෙනත් ගේට්ටු මුරකරුවෙකු එම ස්ථානයේ සේවය සඳහා යොදවා නොමැති බවද වාර්තා වුනි. එම ගේට්ටු මුරකරුට වැටුප් ගෙවන්නේ ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නොව, කොච්චිකඩේ පොලිස් ස්ථානයෙන් බවත් වාර්තා වුනි. හිටපු දුම්රිය ගේට්ටු මුරකරු දිනකට රු 750 ක් බැගින් දවසේ පැය 24 පුරාම සේවය, කිරීමට එම වැටුප ප්‍රමාණවත් නොවන බව පවසා, එම කාර්යයෙන් ඉවත් වී ඇති බවද දැන ගන්නට ලැබිණි.
මේ තත්ත්වය නිසා එම දුම්රිය හරස් මාර්ගය දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසති. මෙවැනි මරණීය අනතුරු මෙම ස්ථානයේ සිදුවීම ඉඩහැරීම පිලිඹඳව දුම්රිය දෙපාර්තමේන්තුවත්, කොච්චිකඩේ පොලිස් ස්ථානයත් වගකිවයුතු බව මෙම ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here