කොටදෙනියාවේ සිසුවා වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

0
113

12048984_176649069339083_1824885511_n

කොටදෙණියාව ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගෙන සිටින පාසල් ශිෂ්‍යයාගේ මානව හිමිකම් කඩවී තිබෙන බැවින්  ඒ සඳහා සාධාරණයක් ලබාදෙන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය 30 බදාදා මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ළමයින් අත්අඩංගුවට ගැනීමේදී යම් නිර්ණායකයන් සකස් කරන ලෙසට සහ සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයාගේ මානම හිමිකම් උල්ලංඝනය වන ආකාරයට පොලීසිය කටයුතු කර තිබෙන නිසා ඒ පිළිබඳව සාධාරණයක් කරන ලෙසට ඉල්ලා සිටි බවද  එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ගගන ට පැවසීය.

කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර, සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා , ගම්පහ නියෝජ්‍ය පොලිස්පති එල්ජී කුලරත්න, පොලිස්පති එන්කේ ඉලංගකෝන් සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති එහි වගඋත්තරකරුවෝ වෙති.
www.radiogagana.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here