කොරෝනා මරණ ඉහල යද්දි රට පුරා පෝලිම්ද වැඩිවෙයි !

0
107
cdb537457d43b52d1c1ea29fc4e5565e L

දැන් රට තිබෙන්නේ දැවැන්ත අර්බුදයක් අභියසය. කොරෝනා මරණ මෙන්ම ආසාදිතයන් ගණනද දිනපතා ඉහල යමින් තිබේ. ඒ් අනුව තවත් කොවිඩ් මරණ 124 ක් වාර්තා වී තිබෙන අතර මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 5464 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර රටපුරා මිටරේ නැති පෝලිම් ගණනද දිනපතාම වැඩිමෙින් තිබේ. එන්නත් පෝලිමට අමතරව පසුගිය දා ගෑස් පෝලිමක්ද රටපුරා බිහිවෙමින් තිබෙන අතර දැන් කිරිපිටි සදහාද පෝලිම් ගැසෙන්නට පටන් තිබේ.
ලයිව් ඇට් 8 වාර්තා කර තිබුනේ කිරිපිටි මිලදී ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (11) ප්‍රදේශවාසින් දිගු පෝලිම් වල රැඳී සිටි බවය. කිරිපිටි මිලදී ගැනීමට පැමිණි ප්‍රදේශවාසින් පාලනය කිරිමට පොලිස් නිලධාරින් යෙදවිමට පවා සිදුව තිබේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here