ගුවන් ටිකට් පත් මිළ ඉහලට!

0
103

 

ගුවන් යානා ඉන්ධන මිල සියයට පනහකට වැඩි මුදලකින් ඉහළ යෑමට සාපේක්ෂව ගුවන් ටිකට්පත් මිලද ඉහළ දැමීමට සිදුවන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 27 වැනිදා ඇමරිකා ඩොලර් 93.57 ක්ව පැවැති ගුවන් යානා ඉන්ධන බැරලයක මිල මේ වන විට ඇමරිකා ඩොලර් 209 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරටටද ගුවන් යානා ඉන්ධන ඉහළ දැමීමට වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පවසයි.

මේ දිනවල මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ මගීන්ගේ ඉල්ලීම් අනුව විශේෂ ගුවන් ගමන් වාර සැලසුම් කර ඇති අතර එම විශේෂ ගුවන් යානා ගමන්වාරවල ටිකට්පත් මිලද ඉහළ යනු ඇත. මීට පෙර ප්‍රවේශපත් වෙන්කර ඇති මගීන් හටද මෙම ගුවන් යානා ටිකට්පත් මිල ඉහළ යෑම අදාළ නොවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර ගුවන් යානා ඉන්ධන ඉහළ යෑම නිසා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රුසියාවෙන් හා යුක්රේනයෙන් පැමිණෙන ගුවන් යානාද අවම වී ඇතැයි වාර්තා වේ.

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන්යානා ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වූ බව ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ ය.

ගුවන්යානා ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ගුවන් ටිකට්පත්වල මිල ඉහළ දැමීමට කටයුතු කරන බව, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here