ජාඩි කර්මාන්තයට පණ පොවන තරුණ ව්‍යාපාරිකයා

0
990

 

මීගමුව යනු ධීවර කර්මාන්තය ඉතාම පුළුල් ලෙස සහ මහා පරිමාණයෙන් සිදුවන අපේ රටේ ප්‍රමුඛතම පුරවරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මීගමුවේ ධීවර කර්මාන්තය තුළ තවත් අතුරු කර්මාන්ත ගණනාවකුත් මේ වෙද්දි ව්‍යාප්ත වෙලා තියෙනවා. කරවල කර්මාන්තය කියලා කියන්නේත් ධීවර කර්මාන්තය තුළ ස්ථාපිත වී ඇති තවත් අතුරු කර්මාන්තයක්. මේ විදිහට ගත්තහම මේ වගේ අතුරු කර්මාන්ත තවත් ගණනාවක්ම තියෙනවා. ඒ වගේ අතුරු කර්මාන්තයක් තමයි ජාඩි කර්මාන්තය.

ධීවර කර්මාන්තය හා බද්ධ වුනු මේ ජාඩි කර්මාන්තය අද වන විට බොහෝ දෙනෙක් අතහැරලා දාල තියෙන කර්මාන්තයක් විදිහට තමයි පිළිගැනෙන්නේ. ඒක එහෙම අතහරින්න බලපාලා තියෙන හේතු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා.

ඉතින් ඒ කොහොම වෙතත් තවමත් මේ ජාඩි කර්මාන්තය තුළ නියැලෙන හරි අපූරු තරුණ ව්‍යාපාරිකයෙකු මේ පසුගියදා අපට මීගමුව දුව ප්‍රදේශයේ දී මුණ ගැහුණා. ඔහු වර්ණකුලසූරිය ඇන්ටන් ජයශාන්ත ප්‍රනාන්දු . IMG 20251024 WA0053

ජාඩි කර්මාන්තය තුළ නියැලෙන ව්‍යාපාරිකයෙක් වුණාට, ඔහු කලාකරුවෙක්. ඒ කියන්නේ ඔහු ගීත ගායනයට සහ සංගීතයට දැඩි ලෙස ඇලුම් කරන කලාකරුවෙක් .

ඉතින් අපිට ඔහු මුණගැසුණු වෙලාවේ ඔහුගේ කලාකාමී ජීවිතය පසුවට තබා, පළමුවෙන්ම ඔහුගේ මේ ජාඩි කර්මාන්තය හා සබැඳුණු තොරතුරු දැන කියා ගැනීමේ උවමනාවෙන් ඔහුත් සමග අපි කෙටි පිළිසඳරක යෙදුණා. ඒ පිළිසඳරේ සංක්ෂිප්ත සටහනක් තමයි මේ පහත පලවන්නේ.IMG 20251024 WA0056

ඔබ පිළිබඳව කෙටියෙන් විස්තර කළොත් ?.

මම, වර්ණකුළසූරිය ඇන්ටන් ජයශාන්ත ප්‍රනාන්දු . මගේ පියා කෑගල්ල ප්‍රදේශයේ , මව මීගමුවේ. මගේ මව ධීවර පවුලක කෙනෙක්. ඉතින් මගේ පියා, මගේ මව සමග විවාහ වුණාට පස්සේ ඔහුත් ධීවර රැකියාවේ තමයි නිරත වෙලා තියෙන්නේ. මට තව බාල සහෝදරයෙක් ඉන්නවා, ඔහු දැනට ලෙල්ලමේ රැකියාවක් කරනවා. මම විවාහකයි.
මගේ බිරිඳ මෙවන විට විදේශ රැකියාවක නිරත වෙනවා. මට පුතෙක් ඉන්නවා. ඔහු තවම පාසල් යනවා.
මම ඉගෙන ගත්තේ මීගමුව, දුව පාසලේ. සාමාන්‍ය පෙළ වෙනකල් ඉගෙනගෙන පසුව මම ඇන්ජින් තාක්ෂණය ගැන පාඨමාලාවක් කෙරුවා. ඒත් එක්කම ලී කැටයම් ගැන ඉගෙන ගත්තා. ලී කැටයම් ගැන විශාල ඇල්මක් මගේ හිතේ කුඩා කලේ ඉඳලම තිබුණා. මට සහජයෙන්ම කැටයම් වැඩ ටිකක් කරන්න පුළුවන් හැකියාවකුත් තිබුණා. ඉන්පස්සේ මම ලී කැටයම් ශිල්පියෙක් විදිහට වසර 10 ක් විතර වගේ නියැලුණා. ඔය කාලසීමාවේදී මම මීගමුව නගරයේ වැඩපොළක් දාගෙන ලී කැටයම් වැඩ කෙරුවා. මේ මෑතක් වෙනතුරුම මගේ රැකියාව බවට පත්වුණේ ඒක.

එතකොට කොහොමද ඔබ මේ ජාඩි කර්මාන්තය සඳහා පිවිසුනේ ?
මගේ මව ඉස්සර ඉඳලා, මේ වෙනකම්ම කරවල අලෙවියේ යෙදෙනවා. ඉතින් අපේ ගමේ ඒ කියන්නේ මේ මීගමුව, දුව ප්‍රදේශයේ බොහෝ දෙනෙකු වගේම, විශේෂයෙන්ම මගේ මවත් ජාඩි හදනවා . ඉතින් මම ඒ හදන විදිහ හොඳට දැකලා තියෙනවා. ඒ හදන විදිහ දැකලා ජාඩි හදන විදිහ ගැන මට යම් විදිහකට හොඳ දැනුමකුත් තියෙනවා. ඒ වගේම මමත් නිවසේදී ජාඩි හදනවා. ඒ වගේම ඒ ජාඩි හැදීමේ ක්‍රම ගැන යම් අත්හදා බැලීම් වාගේ දේවලුත් කරලා තියෙනවා. ඒක නිසා ලී කැටයම් වැඩේ මම නතර කලාට පසු , මගේ මව කරවල අලෙවි කරන්න යද්දී සූඩයා කියන කුඩා මාළු වර්ගයෙන් ජාඩි ටිකක් හදලා පොලතින් පැකට් වල දාලා දුන්නා. ඒ ජාඩි පැකට් ටික හොඳට අලෙවි වෙලා තිබුණා. ඉතින් ඔහොම යද්දි මගේ මවගෙන් බොහෝ දෙනෙක් ඇවිල්ලා ජාඩි පැකට් ඉල්ලලා තියෙනවා. ඉන්පසුව තමයි මම, සාලයා ,සූඩියා වගේ පොඩි මාළු වගේම තෝරා, කෙළවල්ලා, බලයා, පරව්, තලපත් වාගේ ලොකු මාළු යොදාගෙන ජාඩි හදන්න පටන් ගත්තේ. ඉතින් එහෙම ගිහින් තමයි මම ජාඩි නිෂ්පාදනය, කර්මාන්තයක් විදිහට සහ ව්‍යාපාරයක් විදිහට කරන්න පටන් ගත්තේ.IMG 20251024 WA0076

මීගමුව, දුව ප්‍රදේශය සහ ජාඩි කර්මාන්තය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද ?

පසුගිය කාලයේ මීගමුව, දුව ප්‍රදේශයේ වෙසෙන අයත් ඒ වගේම පිටිපන, පිටිපන වීදිය වගේ දුව ප්‍රදේශයට ආසන්නව වෙසෙන ධීවර කර්මාන්තය තුළ රැකියා කරන බොහෝ දෙනෙක් ඒ රැකියා කටයුතු කෙරුවේ “මා දැල් “කර්මාන්තය තුළයි. ඉතින් ඔය මා දල් කර්මාන්තය බොහෝ විට ඒ අය කෙරුවේ පුත්තලම කුදිප්පාඩුව, සින්නපාඩුව සහ මදුරන්කුලිය වගේ ප්‍රදේශවල. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ, ඒ පැත්තේ ඔය මා දැල් රැකියාව කරන්න පුළුවන් මාස 06 ක වගේ කාලයක් පමණයි. මොකද අවුරුද්දේ අනිත් මාස 06 වාරකන් නිසා, ඒ මා දැල් රැකියා කටයුතු කරන්න බැරිව යනවා. එතකොට රැකියා නැතුව ඉන්න අනෙක් මාස 06 ක වගේ කාලෙට ආහාරයට ගන්නත්, රැකියා නැතිව ඉන්න කාලෙට අතට මුදලක් හොයා ගන්න, අලෙවි කරන්නත් ,අර රැකියා කරන කාලෙදි හම්බවෙන වැඩි මාළු ප්‍රමාණය කල් තියාගන්න අවශ්‍ය නිසා, ඒ කාලේ බොහෝ දෙනෙක් කෙරුවේ ජාඩි දාන එක තමයි.දැන් ඒක ගොඩක් අය කරන්නේ නැතිවට. සමහරු ඉන්නවා මාළු ටිකක් වැඩිපුර හම්බවෙද්දි ඒක කල් තියාගන්න , අවශ්‍ය වුවහොත් ජාඩි දාලා තියාගන්න අය අදටත් මේ ප්‍රදේශවල ඉන්නවා. මොකද මාළු කරවල කරලා කල් තියාගන්න පුළුවන් මාස කිහිපයක් පමණයි. හැබැයි හරියට හදන ජාඩි අවුරුද්දකටත් වැඩි කාලයක් කල් තියාගන්න පුලුවන්. ඉතින් මීගමුව, දුවේ අය වැඩිපුරම ජාඩි දාන වැඩේ තමයි ඒ කාලේ කෙරුවේ. මම දන්න විදිහට ඕක තමයි මීගමුව,දුව ප්‍රදේශය සහ ජාඩි කර්මාන්තය අතර තියෙන සම්බන්ධතාවය.

IMG 20251024 WA0074

මීගමුවේ, දූව, පිටිපන වගේ ප්‍රදේශවල ඉන්න බොහෝ දෙනෙක් කරවල කර්මාන්තයේ නියැලෙන කොට ,ඇයි ඔබ ජාඩි කර්මාන්තය සඳහා පිවිසුණේ ?

WhatsApp Image 2025 10 24 at 16.53.23 e1e04773

සාමාන්‍යයෙන් මම වෙනස් විදියකට හිතන වෙනස් විදිහකට වැඩ කරන කෙනෙක්. වෙන අය කරන දේකට වඩා මම හැමවිටම බලාපොරොත්තු වන්නේ වෙනස් දෙයක් කරන්න. දැන් මීගමුව ගත්තහම, මීගමුව, දූව ප්‍රදේශයේ බොහෝ දෙනෙක්, ඒවගේම පිටිපන පිටිපන වීදිය, කුට්ටිදූව, මංකුලිය, මුන්නක්කරය වගේ ප්‍රදේශවලත් වැඩි දෙනෙකු කරන්නේ කරවල කර්මාන්තය. ඉතින් මට අවශ්‍ය වුණේ වෙනස්ම දෙයක් කරන්න. ඒක නිසා තමයි මම ජාඩි කර්මාන්තය තෝරගත්තේ.
අනික මේ මම ,මගේ ජාඩි නිෂ්පාදනයේදී එහි සෑම වැඩක්ම , සෑම කාර්යයක්ම කරන්නේ මම පමණයි . මම වෙනත් කිසිදු සේවකයෙක් හෝ මේ ජාඩි නිෂ්පාදන කාර්ය සඳහා යොදවා ගන්නේ නෑහැ. මාළු තෝරා ගැනීමේ සිට, ජාඩි පිළියෙල කිරීම, ඇසුරුම් කිරීම වැනි කාර්යභාරයන් වගේම සමහර අවස්ථාවලදී එහි අලෙවි කටයුතු පවා වැඩිපුරම මා විසින්ම තමයි සිදුකරන්නේ. ඒ නිසා මගේ නිෂ්පාදන ගැන මට හොඳ විශ්වාසයකින් යුතුව පාරිභෝගිකයන් අතට පත් කරන්න පුළුවන්.

මොකද මේ නිෂ්පාදන කාර්යයේදී සෑම වැඩක්ම සිදුවන්නේ මගේ අතින්. ඒ නිසා මගේ ජාඩි නිෂ්පාදන,වල, තත්ත්වය සහ සෞඛ්‍යාරක්ෂිත බව වගේම පිරිසිදු බව ගැනද මට සහතික වෙන්න පුළුවන්.

ඒ වගේම දැන් කරවල වලට 90% ක පමණ පාරිභෝගික ඉල්ලුමක් තියෙනකොට ජාඩි වලට තියෙන්නේ 10% වගේ ඉල්ලුමක්. ඉතින් බොහෝ අය මම නිෂ්පාදනය කරන ජාඩි බොහෝ විට මිලදී ගන්නේ ඇත්තටම මම ගැන යම් ආකාරයක දැනුවත්භාවයක් වගේම මට යම් ආකාරයක ලැදියාවක් තියෙන නිසා, කියලයි මම විශ්වාස කරන්නේ. මොකද මම මේ වෙද්දි මගේ ගීත ගායනාවන් තුළින් ප්‍රදේශයේ ගායකයෙකු ලෙස මාව හුඟ දෙනෙක් දන්නවා ,හඳුනනවා.

ඉතින් ඒ කලාකාමී අදහසුත් එක්ක එන පාරිභෝගිකයන් තමයි මගේ ජාඩි නිෂ්පාදන වැඩිපුරම මිලට ගන්නේ. බොහෝ දෙනෙක් මාව හඳුනා ගෙන තියෙන්නේ මම වෙනස් දෙයක් කරන පුද්ගලයෙක් විදිහට. මගේ ගීත ගායනා කලාව තුළද තියෙන්නේ වෙනස්ම ආරක් සහ වෙනස් විදිහක්. අන්න ඒ වෙනස නිසා තමයි මම කරවල කර්මාන්තයට පිවිසෙන්නේ නැතිව, ජාඩි කර්මාන්තයට පිවිසුනේ.

එතකොට ඔබගේ පාරිභෝගිකයෝ ගැනත් සඳහන් කළොත් ?

WhatsApp Image 2025 10 24 at 16.53.24 6f57d2fe

මීගමුව ප්‍රදේශයේත්, මීගමුවට ආසන්නව ඉන්න විශේෂයෙන්ම මම අර කලිනුත් කිව්වා වගේ මාව දන්න හඳුනන, මගේ නිෂ්පාදන අරගෙන පුරුදු පිරිසකුත් ඉන්නවා. එයාලා මට ම කතා කරලා, මගේ ජාඩි නිෂ්පාදන මිලදී ගන්නවා.
ඒවගේම මම අර කලිනුත් කිව්වා වගේ මගේ ගීත ගායනා රසවිඳින, මගේ කලාකාමී අදහස් වලට ලැදීයාවක් තියෙන
පිරිසකුත් ඉන්නවා. එයාලා මට දක්වන සහයෝගයක් විදියට මගේ නිෂ්පාදන මිලදී ගන්නවා.

ඒත් එක්කම මේ ප්‍රදේශවලින් පිටරට ගිහින් රැකියා කරන පිරිසක් ඉන්නවා, එයාලට එක්කෝ ලංකාවට ඇවිල්ලා ආපහු යන කෙනෙක් අතේ හෝ නැත්තම් තැපැල් මගින් හෝ එහෙම නැත්නම් කුරියර් සේවා මගින් හෝ මගේ නිෂ්පාදන මිලදී ගෙන ගෙන්නා ගන්නවා. තව ඉතින් මම මෙහේ පොඩි කඩවල් කීහිපයකට සහ සුපර් මාර්කට් කිහිපයකටත් මගේ ජාඩි නිෂ්පාදන සපයනවා. ඒ හරහාත් යම් පිරිසක් මගේ නිෂ්පාදන මිලදීලා ගන්නවා. ඒ වගේම මගේ මව තවමත් කරවල අලෙවියේ යෙදෙනවා, මගේ මව මඟිනුත් සමහර පාරිභෝගිකයෝ මගේ ජාඩි නිෂ්පාදන මිලදී ගන්නවා. ඉතින් ඔය වගේ පිරිසක් තමයි මගේ නිෂ්පාදන මිලදී ගන්න පාරිභෝගිකයෝ වෙන්නේ.

මීගමුව නගරය ඇතුළු මීගමුව ප්‍රදේශය තුළ ජාඩි කියන ඔබේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්න එහෙම නැත්නම් මාර්කට් කරන්න ඔබ අනුගමනය කරන වැඩපිළිවෙළ කුමක්ද ?IMG 20251024 WA0072

එහෙම විශේෂ වැඩපිළිවෙලක් කියලා නෑහැ. හැබැයි මම මගේ ජාති නිෂ්පාදන සඳහා ” වාඩියේ ජාඩි ” යනුවෙන් නම් කරලා තියෙනවා. ඒක ජනතාව අතර යම් ආකාරයක ජනප්‍රියත්වයක් මේ වෙද්දි ලබලා තියෙනවා. අර මම කලිනුත් කිව්වා වගේ මගේ ජාඩි නිෂ්පාදන මිලදී ගන්නේ හුඟක්ම මම ගැන සහ මගේ නිෂ්පාදන ගැන දන්න අය. මගේ නිෂ්පාදන මිලදී අරගෙන යන අය තමයි මගේ නිෂ්පාදන ගැන අනිත් අයටත් කියලා ඒවා හඳුන්වා දෙන්නේ.
මම මගේ ජාඩි නිෂ්පාදන පරිභෝගිකයාටඅතට පත් කරද්දි ඒක යම් ආකාරයක නව්‍යතාවයකින් යුතුව කරන්න මම මේ වෙද්දි කටයුතු කර තිබෙනවා.

අර මම කලින් සඳහන් කළා වගේම ජාඩි නිෂ්පාදන ඇතුළත් පොලතින් පැකට් වගේම, විශේෂිත බෝතල්වල මගේ ජාඩි නිෂ්පාදන හඳුන්වා දෙන්නත් මම මේ වෙද්දි කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්කම අර වෙනත් සම්ප්‍රදායික ජාඩි නිෂ්පාදනවලට වඩා මම මගේ ජාඩි නිෂ්පාදන වල, මාළු පෙති ආකාරයට සැකසූ ජාඩි නිෂ්පාදන වගේම සම්බෝලා, ලුණු මිරිස් විදිහට පිළියෙල කරගන්න පුළුවන් විදිහට ජාඩි කුඩා කෑලි සහිතවත් වෙනමම නිෂ්පාදනයක් විදිහටත් තවත් කීහිප ආකාරයෙන් මගේ මේ ජාඩි නිෂ්පාදන හඳුන්වා දෙන්නත් මම මේ වෙද්දි කටයුතු කරලා තියෙනවා.

ඊට අමතරව මම අන්තර්ජාලය හරහා ඒ කියන්නේ ඔන් ලයින් හරහා මගේ ජාඩි නිෂ්පාදන හඳුන්වා දීලා තියෙනවා. විශේෂයෙන්ම මගේ ෆේස්බුක් පිටුව හරහා. ඒ වගේම මගේ හිත මිතුරෝ හරහා එයාලගේ ෆේස්බුක් පිටුවලින් ද මගේ නිෂ්පාදන හඳුන්වා දීලා තියෙනවා.
ඒවගේම මගේ නිෂ්පාදන මිලදී ගන්න සමහර පාරිභෝගිකයින් ඔන්ලයින් හරහා මට ඇනවුම් ලබා දෙනවා

ඊට අමතරව තමයි මම අර කලිනුත් කිව්වා වගේ මෙහේ තියෙන සමහර සිල්ලර කඩ කිහිපයකටත් සුපර් මාර්කට් කිහිපයකටත් මම මගේ නිෂ්පාදන අලවියට තබා තිබෙනවා.
ඔය විදිහට තමයි මගේ අලවි කටයුතු සහ මේ නිෂ්පාදන හඳුන්වාදීමේ වැඩ කටයුතු සිදු වෙන්නේ.

දැන් මේ ඔබේ ජාඩි නිෂ්පාදනයන් විදේශීය වෙළඳපළට හඳුන්වා දෙන්න බලාපොරොත්තුවක් නැද්ද ?.WhatsApp Image 2025 10 24 at 16.53.23 0374c26c

එහෙම විදේශිකයන්ට ජාඩි අලෙවි කරන්න, ඒ සඳහා විදේශ වෙළඳපොළ සඳහා හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් නම් මම තවම හිතලා නැහැ. හැබැයි සමහර විදේශිකයෝ නම් මගේ නිෂ්පාදන රස බලලා ඒ පිළිබඳව මට හොඳ කියලා තියෙනවා. සමහර පිටරට ඉන්න අය ඒ කියන්නේ මේ ලංකාවේ, විශේෂයෙන්ම මීගමුව ආදී ප්‍රදේශ වලින් පිටරට වල රැකියා කරන අපේ ලංකාවෙම අය මගේ නිෂ්පාදන දැනටත් මිලදී ගන්නවා. ඒ ඇරෙන්න මහා පරිමාණයෙන් සිදු විය යුතු වැඩ කටයුතු පිළිබඳව නම් මම තවම හිතලා නැහැ. ඉදිරි කාලයේදීත් මට හැකියාව ඇති ප්‍රමාණයට මේ ජාඩි නිෂ්පාදන කර්මාන්තය තුල, මා ගැන විශ්වාසය තියලා තියන පාරිභෝගිකයන්ට උසස් තත්වයෙන් යුත් නිෂ්පාදන ලබා දෙන එක තමයි මගේ ප්‍රධානතම අරමුණ බවට පත්වෙන්නේ.

සාකච්ඡා සටහන – තුසාර රොහාන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here