“ජාතික ආලය ගැන කවුරු හරි කෑගහනවා නම් ඌ මිලියන දහයක්වත් හොරකම් කරපු එකෙක් !“

0
104

brito_feríndoජාතික ආලය ගැන මේ දිනවලදී යම් අයෙක් වැඩිපුර කෑගසන්නේ නම් ඌ අඩුම වශයෙන් මිලියන දහයක්වත් හොරකම් කර ඇති එකෙක් වන බව සිවිල් ක්‍රියාකාරී බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ඊයේ (20 දා) කුරුණෑගලදී පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය විසින් එක්ව සංවිධානය කර තිබූ “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු” මැයෙන් වූ පුරවැසි සභාවක් අමතමිනි.

මෙරට රාජ්‍ය නායකයින් බහුතරයකගේ මරණයන් සිදු වූ ආකාරය පිළිබද තවමත් නිශ්චිත සහතිකයක් ලබාදීමට නොහැකි වී ඇති බවත් රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි සහ විජය කුමාරතුංග වැනි මෙරට රාජ්‍ය නායකයින් ගණනාවකගේ මරණ සිදු වූ ආකාරය බරපතල ගැටලු ගණනාවක් මතුකරන බවද හෙතෙම මෙහිදී පැවසීය.

බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීම පහත දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here