ජොන්ස්ටන්ගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 04 දෙනකුට මීගමුව මහාධිකරණයෙන් ඇප . ..

0
177

.

සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතුන් දෙදෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු කාවින්ද්‍රා නානායක්කාර මහත්මිය විසින් අද (31/03/2026) නියෝග කළාය.

එහිදි මහාධිකරණ විනිසුරුවරිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් කළ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කාළාය.

ජොහාන් ප්‍රනාන්දු, සහ ජෙරම් කෙනත් ප්‍රනාන්දු , හිටපු අමාත්‍යය ජෝන්ස්ටන් ප්‍රනාන්දු , එලෙසම සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකීර් හා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් හා ප්‍රවාහන කලමනාකාර ඉන්දික රත්නමලල යන සැකකරුවන්ගේ ඇප ඉල්ලිම වත්තල මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කල බැවින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණට ඇප අයැදුම්පතක් ගොනු කෙරිණි.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සැකකාර පුතුන් දෙදෙනාට පවතින සුවිශේෂී කරුණු මත ඇප ලබා දෙන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීම අනුව ඇප නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව සැකකාර පුතුන් දෙදෙනා රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක ශරිර ඇප මත මුදා හරින ලෙසත් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් අනෙක් සැකකරුවන් දෙදෙනාටද රුපියල් ලක්ෂ 25 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක ශරිර ඇප මත මුදා හරින ලෙසද නියෝග කලාය. එම සැකකරුවන්ගේ ද විදෙස් ගමන් තහනම් කර ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තබන ලෙස ද වැඩිදුරටත් නියෝග කළාය.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධූරය හෙබවූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබාදී රියදුරට රජයෙන් වැටුප් ගෙවා , රජයේ මුදල් රුපියල් ලක්ෂ 02 කට අධික මුදලක් අවභාවිතා කිරීම, සහ රජයේ දේපළ සපරාදී සාවද්‍ය පරිහරණය , මෙන්ම කූඨලේඛන සැකසීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනාවන් යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ මෙහි 07 වන සැකකරු ලෙස නම්කර සිටින ලොරි රථයේ රියදුරු සමන් විතාන අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවයි.

පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස නම් කර ඇති පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ඇන්ටන් රොනල්ඩ් සෙබස්තියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.

සමුපකාර තොග වෙළද සංස්ථාවට අයත් වාහන සහ රියදුරන් පුද්ගලික කටයුතු ( එතනෝල් ප්‍රවාහනයට ) සඳහා යොදා ගැනීමෙන් රාජ්‍ය දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, සුවඳ විලවුන් හා පිරිසිදු කාරක නිෂ්පාදනයට යැයි අඟවමින් රාජ්‍ය නිලධාරීන් රවටා එතනෝල් ආනයනය කිරීමට බලපත්‍ර ලබා ගැනීම හා එසේ සත්‍ය වසංකර ආනයනය කළ එතනෝල් මගින් මත්පැන් නිෂ්පාදනය කර රජයට අයවිය යුතු බදු මුදල් අහිමි කිරීම යන චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය සිදු කරයි.

වත්තල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එතනෝල් ආනයනය කරන බවට 2015 වසරේ.නොවැම්බර් 12 වැනි දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබුණු නිර්ණාමික පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ සම්පත් මෙන්ඩිස් , ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මාල් රත්නායක යන මහත්වරුන් ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටියහ.

සටහන.-
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here