ටියුබ් සුදාලාගේ පුනරුද කුමන්ත්‍රණ ?

0
400

යු ටියුබ් සුදා මා සමග සම්මුඛ සාකච්ඡා කීපයක්ම පවත්වා ඇති මිතුරෙකි. එහෙත් ඔහු රනිල් වික්‍රමසිංහ මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීමට පැමිණියහොත් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම අනිවාර්ය බවද , එසේ නොවුනහොත් ඔහු යු ටියුබ් වැඩ සටහන් කිරීම අත් හැර දමනු ඇතැයි සදහන් කරමින් කරන ලද ප්‍රකාශය මා තරයේ හෙළා දකින අතර, ඉන් ඔහු අගවන්නට උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අභ්‍යන්තර කවයේ ඉන්නා බවකි. සුදා කියන ආකාරයෙන් හෙට දින රනිල් වික්‍රමසිංහ ප්‍රකාශය ලබා දීමෙන් පසු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කළ හොත් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හට ත්‍රී පුද්ගල මහාධිකරණය මගින් සිර දඩුවම් ලබා දුන් අවස්ථාවේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර සිදු කළ ප්‍රකාශය මෙන් අත්තනෝමතික එකක් වේ.

1997 අංක 30 දරන ඇප පනත ව්‍යවස්ථා දයකයට ඉදිරිපත් කරමින් එවක අධිකරණ ඇමැති මහාචාර්ය ජී එල්.පිරිස් සදහන් කළේ ඇප දීම රීතිය බවත් ඇප නොදීම ව්‍යතිරේක ය බවත් වේ. එසේ වුවත් අධිකරණය මග හරින පුද්ගලයෙක් හෝ විමර්ශන කටයුතු වලට ඇප ලබා දීම නිසා බාධාවක් වන්නේ නංහෝ,සාක්ෂි කරුවන්ට බලපෑම් සිදු වන්නේ නම් මිස ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබේ. එහෙත්රනිල් වික්‍රමසිංහ වැනි ලංකාවේ සිව් වරක් අගමැති වූ ,ආර්ථික අර්බුදය හමුවේ අනුප්‍රාප්තික ජනාධිපති වී ඉතා ව්‍යසනකාරී තත්වයකට මුහුණ දීමට තිබූ රට ඉන් ගොඩ ගෙන සාමාන්‍ය තත්වයකට ගෙන ආ පුද්ගලයෙක් අධිකරණයට ගෙන්වා ගත නොහැකි වනු ඇතැයි හෝ අනිකුත් කරුණු නිසා හෝ රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ නම් අනිවාර්යයෙන් සුදන්ත තිලකසිරි,අනුර කුමාර දිසානායක, හර්ෂණ නානායක්කාර සහ අධිකරණ ක්ෂේත්‍රයේ ,නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිස්පති ඇතුළු කණ්ඩායම එකතු වී සිදු කරන ලද දේශපාලන පළිගැනීමක් ලෙසද,සුදන්ත තිලකසිරි මෙය මෙතරම් විශ්වාසයෙන් ප්‍රකාශ කරන්නේ ඒ දේශපාලන පළිගැනීම් කුමන්ත්‍රණයේ ඔහුද නිමග්නව සිටි බව එයින් ගම්‍ය වේ.

එසේ සිදුවන්නේ නම් අනුර කුමාර දිසානායක ගේ පාලනය සමාන කළ හැක්කේ රුසියාවේ ස්ටාලින් හෝ උතුරු කොරියාවේ පාලනය වැනි පාලනයකට වේ.

(නාමල් රාජපක්ෂගේ ෆේස් බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here