රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ටීචර් අම්මා හෙවත් හයේෂිකා විසින් සිය අධ්‍යාපන ආයතනයේ තරුණ සේවකයෙකුට පහර දිමේ සිදුවිමට අදාලව මේ වන විට මිගමුව රෝහලටද චෝදනාවක් එල්ලවි තිබේ.
මෙම තරුණයාගේ වෘෂණ කෝෂවලට එල්ලවි තිබුන පා පහර නිසා ඇතිවු තත්වයට ප්‍රතිකාර ගැනිම සදහා මිගමුව රෝහලට අවස්ථාව දෙකකදි ඇතුලත් කර තිබුණි.
ඒ මැයි 07 දින සහ මැයි 09 දින වලදිය.
මේ අවස්ථා දෙකේදිම අදාල තරුණයා මිගමුව රෝහලේ අංක 6 සහ අංක 7 යන වාට්ටුව නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබුණ අතර මේ කාලය තුල අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පරික්ෂණයකටද භාජනය වි තිබුණි.
හයේෂිකාගේ අමානුෂික ප්‍රහාරයකට ලක්වු මේ තරුණයාගේ මව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි කියා තිබුනේ තරුණයාගේ අමාරු තත්වය පිලිබදව ප්‍රමාණවත් අවධානයක් යොමු කිරිමට මිගමු රෝහල කටයුතු කර නොතිබුන බවය.
මේ අතර ඇය තව දුරටත් කියා තිබුනේ ඇය සිය පුතාව යළිත් වරක් මැයි 13 වනදා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණි.
එහිදි සිදුකර තිබුන පරික්ෂණ දෙකකින් පසුව සිය පුතාව රාගම රෝහල විසින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයිද සඳහන් කර සිටියාය.
මේ සියලු කරුණු සලකා බැලිමේදි මිගමුව රෝහල තුලදි මෙම රෝගියා සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර තිබුනේද යන ප්‍රශ්ණය තුල යම් සාධාරණයක් ඇති බවද පෙනේ.












