ඩඩ්ලි මාර්කට් ගොඩනැඟිල්ලේ වංචා දුෂණ වලට සම්බන්ධ වු අයට වැඩ වරදින ලකුණු?

0
23

 

දැනට ඉදිකිරිම් ඇනහිට ඇති කාමච්චෝඩේ ඩඩ්ලි මාර්කට් ගොඩනැගිල්ලට අදාල වංචා ,දුෂණ රැසක් සිදුව ඇති අතර.ඒවාට සම්බන්ධ අයට වැඩවරදින තැනට කටයුතු සිදුවෙමින් අතැයි වඩාත් විශ්වාසදායක ආරංචි මාර්ග දක්වා සිටි.

නගරාධිපති දයාන් ලංසාගේ
කාලයේ මේ ගොඩනැඟිල්ල ලහිලහියේ කඩා දැමුනේ නව ඉඳිකිරිමක් වෙනුවෙන් මුදල් පවා නොතිබුන පසුබිමකය.

මුල් සැලැස්ම වි තිබුනේ තට්ටු 4ක ගොඩනැඟිල්ලක් ඉඳිකිරිමටය.මේ තුල මාර්කට් එක මෙන්ම නිවාස සංකිර්ණයක් ඉඳිකිරිමද අරමුණ විය.මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල වුයේ රු කෝටි 45 කි.

එහෙත් දැන් ඉඳිකරන්නට පටන් ගෙන අතර මග නැවති ඇත්තේ තට්ටු දෙකක ගොඩනැඟිල්ලකි.ඒ වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල වන්නේද රු 45 ක් බව තතු දත් මිගමුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු මීපුරට කියා සිටියේය.

ඩඩ්ලි මාර්කට් එක 2 768x576 1 1
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
ඩඩ්ලි මාර්කට් එක 1 768x576 1
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

IMG 20240928 WA0080 1068x721 1

මේසා දැවැන්ත වියදමක් දරමින් මේ ඉඳිකිරිම  සඳහා ටෙන්ඩර් දමා තිබුන එක් ආයතනයක් පමණි.
ඒ මයික්‍රෝ නම් වු ආයතනයයි
අදාල ටෙන්ඩරයේදි ඉදිරිපත් කර තිබුන ඇතැම් ලේඛණ ව්‍යාජ ඒවා බල ඉජිනේරුවරයා විසින් ටෙන්ඩර් කමිටුවට දන්වා තිබුණි.

ඒ අනුව යළිත් වරක් ටෙන්ඩර  කැඳවිම සිදුව තිබුන අතර එහිදිද ඉදිරිපත්ව තිබුනේ මයික්‍රෝ ආයතනයේ  ටෙන්ඩරයක් පමණි.සිදුවන්නට ඇති කුමක් වියහැකිද යන්න තේරුම් ගැනිම ලංසා පවුල පාලනය ගැන දන්නා අයට වඩාත් පහසුය.

මයික්‍රෝ ආයතනය මෙම ටෙන්ඩරය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුන ඇතැම් ලේඛණ ව්‍යාජ ඒව විය.මේ අනුව අසාදුු ලේඛණගතකිරිම යායුතුව තිබුනද ,කූට වංචා සිදුකර තිබුන ඒ කොන්ත්‍රාත් සමාගමටම කෙසේ හෝ මෙම ඉඳිකිරිම භාරදිමට ලංසා පවුල් පාලනය කටයුතු කර තිබුණි.ඒ අයගේ සුවච කික⁣රු ගෝලයන් ලෙසින් කටයුතු කළ ඇතැම් නිළධාරින්ද මේ බරපතල වංචාට ඉතා පැහැදිලිවම හවුල් වි සිටියහ

ඉන් කියැවෙන්නේ අතිශය බියකරු කතාවකි.

පළාත් පාලන නීතිය හෝ නිවරදි ටෙන්ඩර් පටිපාටි යන කරුණු ලංසාල පවුලට  අදාලම  නැතිවා සේය.මිගමු තුල දශක ක්‍රියාත්මක වුයේ පළාත් පාලන නීතිය වෙනුවට පවුලේ නීතියයි.

ගාන කැපෙන්නේ නම් ආසාදු ලේඛණවලට තල්ලු කර දැමු සමාගමකට වුවද කොන්ත්‍රාත් පිරිනැමේ.

මීට පෙර මිගමුව බස්නැතුම්පල සංකීර්ණය ඉදිකරන අවස්ථාවේදි නිමල් ලංසා විසින් සිදුකර තිබුනේද ඒ සා විශාල ව්‍යාපෘතියක් කිරිමට තරම් සුදුසු නොවන ආයතනයක් වෙත ඒ කොන්ත්‍රාත්තුව පිරිනමා තිබිමය.

එපමණක් නොව පළාත් පාලන මැතිවරණයට පෙර මෙම ගොඩනැගිල්ලේ වහලේ කටයුතු නිම වි නොතිබුන පසුබිමක නත්තල් මාසයේ සේවයන්ට පඩි දිමට තිබුන මුදල පවා යොදාගනිමින් අදාග කොත්ත්‍රාත්කරුට වහල වෙනුවෙන් මුදල් ගෙවා තිබුනි.

මේ සකලාකාර වංචා දුෂණ වලට ලක්වුවන් පසුපස පමා වි හෝ නිතිය පැමිණෙන බව නම් ස්ථිරය.

මේවාට උඩ ගෙඩි දුන් නිලධාරි පැලැන්තියක්ද වේ. තරාතිරම නොබලා මේ සැමට එරෙහිව කටයුතු කිරිමට ජාතික ජන බලවේගය මුලිකත්වය ගන්නේ කවදාදැයි අප මහත් උනන්දුවෙන් බලා සිටින්නෙමු.

මිගමුව අරභයා ඇති අරුම පුදුම කාරණය නම් යුක්තිය සාධාරණත්ව වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන පුද්ගලයන් හෝ සංවිධාන කිසිවක් මේ දැවැන්ත වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිදු හඬක් නැගිමට පෙරමුණ ගෙන කටයුතු නොකිරිිමය.

PM Hariniමේ අතර රාජ්ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සොයන්න විශේෂ කමිටුවක් පත් කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසා තිබුණි

අග්රාමාත්යවරිය සඳහන් කරන්නේ රාජ්ය ආයතනවල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් නොකරන බවයි. ඒ සඳහා ක්රමවත් වැඩපිළිවෙළක් රජය සකස් කර ඇති බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් පවසන්නට යෙදුණි.

මේ අනුව මිගමුව නගර සභාව තුල පසුගිය දශක කිපය පුරාම සිදුව ඇති  බරපතල වංචා දුෂණ ගැන පුළුල් පරික්ෂණ සිදුකරනු ඇතැයි මිගමුවේ ජනයාගේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here