තමන්ගේම තැනක් ,ලස්සන ජීවිතයක්’ තවත් නිවසකට මුල්ගලක්!

0
56

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක වන ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිවන නිවාස 35 යටතේ 73/C කුඩාපාඩුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ රීටා මහත්මියගේ නිවස සෑදීමට මුල් ගල තැබීම මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා මීගමුව නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂක ඈන් මහත්මිය,කොට්ඨාසයේ නිවාස නිළධාරී තුමිය,වසමේ ග්‍රාම නිලධාරී තුමිය ඇතුළු වසමේ රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here