මේ රටේ සාමය හා ක්‍රමවත්භාවය ස්ථාපිත කිරිමේ හා එය පවත්වාගෙන යෑමේ මුලික වගකිම හිමිව ඇත්තේ ශ්‍රි ලංකා පොලිසිය වෙතය.
එය නඩත්තු කරනු ලබන්නේ වාර්ෂිකව අයවැයෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදන මගිනි.
ඒනම් කිසිවෙකුටවත් ආරක්ෂාව ලබාගැනිම වෙනුවෙන් යැයි කියා කිසිදු මුදලක් ගෙවිමට අවැසි වන්නේ නැත.
එහෙත් මේ යථාර්ථයට හාත්පසින්ම වෙනස් දෙයක් ක්‍රියාත්මක වන ශ්‍රිලංකාවේ එකම නගරය වන්නේ විය හැක්කේ මීගමුවයි.(මීට පෙර මිරිහාන නගරයේ ව්‍යාපාරිකයන්ද මෙලෙසින්මඋකුසු ඇසකට මුදල් ගෙවා තිබුනේ යැයි වාර්ථා විය.)
එනම් නගරයේ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් වෙනුවෙන් මාසිකව රු මුදලක් ගෙවිම
එහි සේවයේ නියුතු පොලිස් නිළධාරින්ගේ සංග්‍රහ වියදම් වෙනුවෙන්ද දිමනාවක් මේ ව්‍යාපාරිකයන් විසින් ගෙවමින් මෙම වැඩසටහන එකල ආරම්භවි තිබුණි.(මෙහි පලකර ඇති ඡායාරුප උකුස්සා ආරක්ෂක සේවය පටන් ගත් අවස්තාවේ ඒවාය)
2014 වසරේ පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා අතර කාලය තුල මීගමුව තුල දැවැන්ත මංකොල්ල කිපයක් ක්‍රියාත්මක විය.
ඒ සියල්ල එල්ලව තිබුනේ දමිල හා මුස්ලිම් ජාතිකයන්ට අයත් ස්වර්ණාභරණ සහ විදේශිය මුදල් හුවමාරු ස්ථාන ඉලක්ක කොට ගෙනය.

මේ මංකොල්ල රැල්ල මැඩිමේ අරමුණෙන් 2014 අප්‍රෙල් 19 වනදා පැවැති විශේෂ රැස්විමකදි මීගමුවේ දේශපාලන අධිකාරිය සහ පොලිසිය එක්ව ව්‍යාපාරිකයන්ගේද දායකත්වයෙන් මේ විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක වු අතර එහිද ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරිම පිළිබදව වගකිම දේශපාලන අධිකාරිය විසින් භාරගෙන තිබුණි.
එහෙත් අවසානාවට ඒ කිසිවක් ක්‍රියාත්මක නොවුණි.
සිදුවුයේ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අයකර උකුස්සා නමින් වු විශේෂ මුර සංචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමය.
මෙම වැඩපිළිවෙල පළමුවෙන්ම යෝජනා කළ අවස්ථාවේ මීපුර වෙබ් අඩවිය ඇමති සරත් ගුණරත්න මහතාගෙන් විමසා සිටියේ රාජ්‍ය අයවැයෙන් රටේ ආරක්ෂාව සදහා මුදල් වෙන්ව තිබියදි මීගමුවට විශේෂ ආරක්ෂාවක් සැපයිම වෙනුවෙන් ව්‍යාපාරිකයන් විසින් වෙනම මුදල් ගෙවිය යුත්තේ අැයිද යන්නයි.
එයට පිළිතුර දෙමින් ඔහු එදා පවසා සිටියේ එසේ කරන්නට සිදුවන්නේ මසක පමණ මේ ආරම්භක කාලයක් සදහා පමණක් බවය.
එහෙත් ඇත්ත නම් එදා පටන්ම අද දක්වා මීගමුවේ ව්‍යාපාරිකයන් මෙසේ මාස්පතා සිය ආයනතන මගින් මුදල් ගෙවමින් තිබිමය.
වසර 12 තිස්සේ එය ක්‍රියාත්මකය.
දැනගන්නට ඇති ආකාරයට මෙම උකුස්සා ආරක්ෂක සේවය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 7.00 පමණක් දක්වා විමය
තවදුරටත් මෙය ක්‍රියාත්මක කිරිමට අවැසිද නැත්නම්
මීගමුව නගරය පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂක සැලැස්මක් සකසා එය ක්‍රියාත්මක කිරිම පොලිසියට පැවරෙන ප්‍රධානතම වගකිමකි.
ඉදිරියේදිවත් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්නා මේ වැඩපිළිවෙල නිසි මිර්ශණයකට , ඇගයුමකට ලක්කොට රාජ්‍ය අයවැයේ ප්‍රතිපාදන මත පමණක් ක්‍රියාත්මක වැඩපිළිවලකට යාමට හැකියාවක් තිබේද ?
නගරයේ ආරක්ෂාව ට සඳහා ඇරඹි උකුස්සාගෙන් දැන් වෙනත් වැඩගන්නටද පටන් ගෙන ඇතැයිද සැලය.












