තිලක්මා සාප්පු සංකීරිණය ඊයේ පෙරවරුවේදී උත්සවශ්‍රීයෙන් මීගමුව – දලුවකොටුවේදී විවෘත විය. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තන් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා , තිලක්මා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික කාරියවසම්,ප්‍රධාන විධායක නිලධාරී රිස්වි තාහා යන මහත්වරුන් සහභාගී වෙන ලදී.
ඒමෙන්ම ආයතනයේ ප්‍රධානීන් හා රැසක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ පුද්ගලයන් මෙන්ම කලාකරුවන් රැසක්ද සහභාගී වූහ.
ආරම්භක දිනයේ මෙන්ම ඉදිරි සතිය තුළත් සාප්පු සංකීරණයට එන පාරිභෝගිකයිින්ට විශේෂ වට්ටම් රැසක් ලබාදීමට තිලක්මා ආයතනය කටයුතු කරනු ලබයි.
අභිනවයෙන් විවෘත වු තිලක්මා සාප්පු සංකිර්ණය වෙත පාරිභෝගික ජනතාව විශාල වශයෙන් සහභාගී වී සිටියහ.
එදින සවස් භාගයේදී සංගීත සන්ධ්‍යාවක් පැවැත්වූ අතර මිඩ්ලේන් සංගීත කණ්ඩායමේ සංගිතයට සහභාගීත්වයෙන්, භාතිය-සන්තූෂ් ,රූකාන්ත ගුණතිලක, සෙන්ටිග්‍රේඩ්ස් , හනා සෆා , කාන්චනා අනුරාධි යන කලාකරුවන් ගායනයෙන් සහභාගී විය..


දකුණේ සිට -අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික කාරියවසම්, ප්‍රධාන විධායක නිලධාරී රිස්වි තාහා යන මහත්වරුන්


















