තීරාත්මක සතියක්

0
10

අදින් ආරම්භ වන්නේ මේ ලෝකයේ ඉරණම තීරණය කෙරෙන අතිශය තීරණාත්මකම සතියයි. මහා ඛේද වාචකයක් සිදුවනවාද නැතහොත් ආක්‍රමණිකයන් යුද් ධය අත්හරිනවාද යන්න තීරණය වීමට ඇත්තේ තවත් ඉතා කෙටි කාලයක් පමණි. හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට ඉරානයට ලබා දුන් පැය 48ක කාලසීමාව හෙටින් අවසන් වන අතර, අමෙරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ දැඩි අනතුරු ඇඟවීම අනුව එය ඉටු නොවුවහොත් ඉරාන බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමේ දැඩි අවදානමක් පවතී. මීට පිළිතුරු ලෙස ඉරානය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එවැනි හානියක් සිදුවුවහොත් අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල බලාගාර පවා ඉලක්ක කරන බවයි.

මැදපෙරදිග ජල පිරිපහදු බලාගාරවලට හානි සිදුවුවහොත් ඇතිවන තත්ත්වය සිතාගත නොහැකි තරම් භයානක වනු ඇත. අප වැනි රටක ගංගාවකින් හෝ ඇළකින් ජලය සොයාගත හැකි වුවත්, මැදපෙරදිග වැසියන්ට එය කළ නොහැකි නිසා මෙය මහා මානුෂීය ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිය. එවැනි තත්ත්වයකදී සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය සෘජුවම යුද්ධයට එක්වීම වැළැක්විය නොහැකි අතර, ඇතැම් විට අමෙරිකාව පවා බලාපොරොත්තු වන්නේ එවැනි තත්ත්වයක් විය හැකිය.

ඉරානය දැනටමත් ඔප්පු කර ඇති පරිදි ඔවුන් සතු Hypersonic අවි මගින් කලාපයේ න්‍යෂ්ටික බලාගාර පවා ඉලක්ක කළ හැකි බැවින්, තමන්ට අහිමි වීමට දෙයක් නැතැයි හැඟෙන මොහොතක ඔවුන් ලෝකයම ඉතා භයානක අගාධයකට රැගෙන යාමට ඉඩ ඇත. අතීතයේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා පවා පවසා ඇත්තේ පර්සියානුවන් යනු තම භූමිය පහසුවෙන් යටත් කර ගැනීමට ඉඩ නොදෙන අභිමානවත් ජාතියක් බවයි. එබැවින් ඉදිරි දින 7 තුළ සිදුවන සිදුවීම් සමස්ත ලෝකයේම අනාගතය තීරණය කරනු ඇති අතර, මේ අර්බුදකාරී මොහොතේ සෑම දෙනාම ඉතා අවධානයෙන් හා පරිස්සමෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here