දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /
උතුරු කොළඹ දිසාවේ කුරණ ප්‍රාදේශිකයේ ලංකා සභාව දේවස්ථාවන වල ඉරුදින දහම් පාසල් දරුවන් විසින් සංවිධාන කල පාගමනක් අද පෙරවරුවේදී මීගමුවේදි පැවැත්විය. “දරුවන්ට නිදහස දෙන්න” හා පරිසරය සුරකිමු යන තේමාව ඔස්සේ දරුවන් හා වැඩිහිටියන් දැනුවත් කිරීමේ මෙම පාගමන මීගමුව සාන්ත මරියා දේවස්ථානය අසලින් ආරම්භ කොට ලංකා සභාව දේවස්ථාන භූමියෙන් අවසන් විය.





















