දශක දෙකකට පසු පවුල් පාලනයෙන් මිගමුව නිදහස් වෙයි!

0
133

රට හම්බන්තොටින් පාලනය වු යුගයක මිගමුව පාලනය වුයේ වැල්ලවිදියෙනි.පවුලේ කැමැත්ත පළාත් පාලන නීතියටත් එහා ගිය එකක් විය.

මිගමුව යනු ලංකාවේ අංක එකේ දුෂිත කලු සල්ලි නගරයට බවට පත්ව තිබුණි.

සිය පියාගේ විනෝදය සඳහා බිච් පාක් එකේ අදායම කෝටි ගණනින් වැය කරන්නට හැකි තත්වයක් පුතාලා විසින් සැලසුම් කර තිබුණි.

පුනරුද ආණ්ඩුවේ මාස 6ක කාලය තුල පවා බිච් පාක් ආදායම පවුලක ගිණුමකට බැරවෙන තැනට කටයුතු සැලසි තිබුණි.

ඒ සියල්ල පවුල සහ ඒ පවුලේ සහචර දුෂිත නිලධාරීන්ගේ ගේම්ය.

දැන් ඒ සියල්ල කඩිනමින් වෙනස් කිරිම සඳහා අවස්තාව සැලසි තිබේ.පවුලකින් නිදහස් කරගත් මිගමුවට අලුතින් ගොඩනැගිමේ අභියෝගය දැන් මාලිමාව පිට පැවරි තිබේ.

මහජන මුදල් යොදාගනිමින් පවුලක පරිහරණය සඳහා මිලදි කැමරාව සහ පරිඝණක වල සිට කොල්ල කන ලද සකලාකාර දේවල් ගැන කඩිනමින් පරික්ෂණ කළයුතුව තිබේ.

මාලිමාවේ ජයග්‍රහණය පවුල් පාලනයකට එරෙහිව දශක ගණනාවක් පුරා අරගල කළ මිගමුවේ සැමගේ ජයක් බවට පරිවර්තනය කළ හැක්කේ පවුලක් සහ ඔවුන්ගේ සහචරයන් විසින් කොල්ලකන ලද මහජන දේපල ඇතුල ගැන නොපමාව පරික්ෂණ කොට යුක්තිය ඉ⁣ටුකිරිමට පියවර ගන්නේ නම් පමණි.

විවේක ගන්නට කාලයක් නැත.විසිල් නැතුවම බල්ටි ගැසිමට පටන් ගතයුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here