දළුපත ප්‍රජාපොලිස් ඒකකයෙන් ප්‍රජා සත්කාරයක්…….

0
222
IMG 20210613 WA0045

අද(13දා) දළුපත දේවස්ථානය අසලදී දළුපත ප්‍රජා පොලිස් ඒකය විසින් දානමය පිංකමක් සංවිධානය කර තිබිණ. එකී පිංකම සූදානම්කර තිබුණේ ඒ අවට සිටින යාචක පිරිස වෙනුවෙන්ය.

කොරෝනා වසංගතය නිසා රට තුළ ආර්ථික ප්‍රශ්ණ උග්‍ර වෙද්දී ඉන් වැඩි බල පෑමකට ලක්වන්නේ කිසිදු පිළිසරණක් නැති දුප්පත් මිනිස්සුය. යමක් ඉල්ලාගෙන තම කුස පුරවාගෙන ජීවිතය ගැටගසා ගන්නා යාචක ජනයා මේ අතර ප්‍රධානවේ. පවතින කොරෝනා තත්වය මත එම සෞඛ්‍ය නීතිද අනුගමනය කරමින් මෙහි සංවිධායක පිරිස කටයුතු කළ බව පෙනින.

   මෙම අවස්ථාව සඳහා දළුපත දේවස්ථානය භාරව කටයුතු කරන පියතුමා සහ සහායක පියතුමාද, මීගමුව  පොලීසියේ  මූලස්ථාන පොලිස් පරීක්ෂක වුට්ලර් මහතාද  සහභාගි විය.

මෙම වසරේදී මෙකී කටයුත්ත ස්ථාන 14 කදී සිදුකළ බව දළුපත ප්‍රජා පොලිස් ඒකකයේ සභාපති මාකස් කාරියකරවන මහතා ප්‍රකාශකරන ලදී.
මේ සඳහා පරිත්‍යාගශීලී දානපතියන්ගේ දායකත්වයද අගය කළයුතු බව ඒ මහතා තවදුරටත් පැවසීය. එසේම මීගමුව පොලීසියේ මුලස්ථාන ⁣පොලිස් පරීක්ෂක තුමාද,දේවස්ථානය භාර පියතුමාද පවතින තත්වය හමුවේ මෙවැනි කටයුත්තක වැදගත්කම පැහැදිළි කිරීමෙන් අනතුරුව මෙම කටයුත්ත අවසන් කරන ලදී.

සැම්සන් ඥානසිරි

IMG 20210613 WA0040
IMG 20210613 WA0038
IMG 20210613 WA0045

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here