දුප්පතාගෙ බත්පතට වින කටින ඉහළ නගින එලවළු මිල අර්බුදය

0
542

.

එලවලු 6
එලවලු 2 1

කොරෝනා තත්ත්වයත් සමඟ මිනිස්සු මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එලවළු මිල ඉහළයාමයි. ගොවීන්ට මුහුණ දීමට සිදුවන පොහොර ප්‍රශ්නය ,ගංවතුර නිසා වගාවන්ට හානි සිදුවීම ආදිය මෙයට බලපාන ප්‍රධාන හේතු ලෙස මතුවී පෙනේ.
කෙසේ නමුත් මේ පිළිබඳව අප සමග කතාබහක යෙදුනේ නොච්චියාගමෙන් එලවළු ගෙනෙන වෙළඳ මහතෙකු සමගය. නමින් වික්‍රමසිංහ නම්වූ ඔහු ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

එළවලු


” එලවළු තත්ත්වය හරි භයානකයි .අපි බඩු ගේන්නෙ නොච්චියාගමෙන් . එලවළු මිලත් වැඩියි. ඉතින් අමාරුයි .ගෝනි හතරක් පහක් ගෙනාවොත් රු . 75,000/ක් 50,000/විතර ඕන . දැන් ඉතින් අපි රට යන විදිහට යනව. මොනව කරන්නද . පොළ කුලිය කෑල්ලකට රු. 200/ ගානෙ දෙන්න ඕන . කෑලි 10 ක් තිබුනොත් රු. 2000/ ක් විතර වෙනව. ඉතුරු වෙන සොච්චම තමයි ඉතින් . තව ඉතින් අපේ වියදමුත් තියෙනවනෙ. ගෙදරට බඩු ටිකක් ගත්තහම ඇති දෙයක් නෑ. එන්න එන්නම බඩුවල මිල ඉහළ යනව.

⁣වෙනදා ඉරිදා පොලට ගොස් නිවසට එලවළු ගෙන එ්මට ලොකු මල්ලක් අවශ්‍ය වුවද අද ඒ සඳහා ෂොපින් කවරයක් ප්‍රමාණවත්ය.
මේ අතර වික්‍රමසිංහ ප්‍රධාන එලවළු කිහිපයක මිල සඳහන් කළා.
මේ අනුව ..(කිලෝව)

  • වම්බටු -රු. 320/
  • එලබටු – රු. 320/
  • වැටකොළු-
    රු. 300/
  • රු.පිපිඤ්ඤ-
    රු.100/
  • රු. කැරට්-රු300/
    *ලීක්ස්-රු.300/
    *රාබු – රු.200/
    *වට්ටක්කා –
    රු.50/
    *පුහුල් – රු.50/

    සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here