දෙමළ මාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍යකරණයට ජාතික ජන බලවේගය ආණ්ඩුව සමයේදීත් මර්දනය ක්‍රියාත්මකයි.
චෙම්මනි සමූහ මිනීවල පිලිබඳ වාර්තාකරණයේ යෙදුනු කුමනන්ව 2023 දී සිදුකළ හමුදා බුද්ධි අංශ පැමිණිල්ලක් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අද පැමිණෙන ලෙස කැඳවා තිබුණා.
එසේ කැඳවූ අවස්ථාවේ කැඳවීමට හේතුවක් සඳහන් කර තිබුණේ නෑ. කුමනන් විමසද්දීත් හේතුවක් කීවේ නෑ.
එහෙත් ඔහු විසින් යාපනය මානව හිමිකම් කොමිෂන් සභා කාර්‍යාලයට කළ පැමිණිල්ලලට ප්‍රතිචාර දැක්වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පිළිතුරු දී තිබුණා. කුමනන්ගේ වාර්තාකරණය පිළිබඳ ප්‍රශ්න කරන්නට කැඳවූ බව කීවේ ඒ අවස්ථාවේදීයි.
(තරිඳු උඩුවරගෙ ගේ ෆේස් බුක් පිටුවෙනි)












