ධීවරයන්ගේ විරෝධය මහපාරෙන් රේල් පාරට?දුම්රිය ගමන්ද ඇනහිටී.?

0
107

tmp_25086-IMG_20161017_174633-1614134687දැන් උද්ඝෝෂකයන් පිරිස ගල්කන්ද නමින් හඳුන්වන හලාවත කොළඹ මහා මාර්ගය සහ පුත්තලම් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කර ඇත.
කොළඹ බලා ධාවනය වෙමින් පැවැති අංක 4809 දරන දුම්රිය මේ වන විට ගල්කන්ද දුම්රිය හරස් මාර්ග සංඥාවේ නවතා ඇත.. කොළඹ සිට පැමිනෙන කාර්යාලයීය දුම්රියන් මේ හේතුවෙන් බොහෝ වේලාවක් ප්‍රමාද වන බැවින් දුම්රියෙන් ගමන් කරනා මගී ජනතාව විකල්ප ක්‍රියා මාර්ග භාවිතා කිරීමට යොමු වීම යෝග්‍ය බැව් සදහන් කරමු.

ෆෝට් සිටියට එරෙහි කොළඹ හලාවත මාර්ගය වසා විරෝධතාවයේ නිරතව සිටි ධීවරයෝ මීට සුළුමෙහොතකට පෙර කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ ගල්කන්ද හංදියේදි දුම්රිය හරස් කොට විරෝධය දිගටම ගෙනයමින් සිටිති.මෙයට නායකත්වය දෙන පල්ලියේ පියතුමන්ලාටද දැන් ධීවරයන් අවතන නොවන තත්වයක් උදාවෙමින් ඇතැයිද සැලය.

 ඡයා පියපේම/සටහන හිරෝෂන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here