මේ දිනවල මිගමුව නගරාධිපති හීන්කෙන්ද සමාජ මාධ්‍ය තුල දැඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.
ඒ මිගමුව මහනගර සභාව තුල සිටින ලංසාවාදින් පාලනය කිරිම සඳහා කිසිදු මැදිහත්විමක් නොකර පතෝල න්‍යායයක් අනුගමනය කරමින් සිටින නිසාය.
එපමණක් නොව ලංසා පාලන සමයේ අයියලා මල්ලිලා සහ ඔවුන්ගේ ගජමිතුරන් කරන්නට යෙදුන කප්පරක් වංචා දුෂණ ගැන හීන්කෙන්ද සිටින්නේ වගේ වගක් නැතිවා සේය.
ලක්ෂ 25 කටත් වඩා වැඩි මුදලක් වැය කරමින් හිටපු නගරාධිපති දයාන් ලංසා මිළට ගත් කැමරා උපාංග සහ පරිඝණක වලට වෙච්ච දෙයක් නොමැත.
අප අවස්ථා ගණනාවකදිම මේ කරුණ මතුකළද කිසිදු පරික්ෂණයක් සිදුකිරිමට වත්මන් නගරාධිපති සුදානම් බවක් නොපෙනේ.
මහජන මුදල් කාබාසිනියා කළ තවත් සිද්ධින් රැසකි.
එහෙත් මාලිමා පාලනය නිහඬය.නගරාධිපති හීන්කෙන්ද මර නින්දකය.
ලංසා විරෝධියෙකු ලෙස රගන නාගරික මන්ත්‍රි මොහාන් දැන් ගලඋඩ කැතකළ බළලෙකුගේ ගානට වැටි හමාරය.
හීන්කෙන්ද දැන්වත් වත් නිසි පියවර ගැනිමට මැළිවන්නේ නම් එය සැබැවින්ම බේදවාචකයක් වනු නියතය.
හීන්කෙන්දගේ දේශපාලනය අනාගතය පවා තීරණය කරනු ලබන හැරවුම් ලක්ෂය බවට මේ තත්වය දැන් වර්ධනය වෙමින් තිබේ.











