නඩුත් හාමුදුරුවන්ගේ – බඩුත් හාමුදුරුවන්ගේ” : සන්ධ්‍යා එක්නැලිගොඩ ට එල්ල වූ නින්දිත මරණ තර්ජනය! 🕯️

0
215

“🚫

වසර 16ක්… තම ආදරණීය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අඩියක්වත් පස්සට නොතැබූ දිරිය ගැහැනියකට, අද මාලිමා ආණ්ඩුව යටතේත් අසන්නට ලැබී ඇත්තේ මරණ තර්ජනයකි. එය හුදු තර්ජනයක් නොව, කාන්තාවකගේ ආත්මගරුත්වයට පවා අසභ්‍ය වචනයෙන් පහර ගැසූ නින්දිත ක්‍රියාවකි.

📌

ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ චූදිතයෙකුට වත්මන් මාළිමා ආණ්ඩුව යටතේ ත් උසස්වීමක් ලබා දීමට යන බව පවසා සන්ධ්‍යා එක්ණැලිගොඩ විසින් පසුගිය 13 වැනිදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළාය. ගත වූයේ දින කිහිපයකි.

ඊයේ (16) ඇයට දුරකථනයෙන් අමතා මරණ තර්ජනය කළ පුද්ගලයා පවසා ඇත්තේ තමා “විශ්‍රාමික මේජර්වරයෙකු” බවයි. ඇයගේ ශරීරයේ “දිග-පළල” අසමින් අතිශය අශිෂ්ට ලෙස ඇයට මරණ තර්ජනය කර ඇති ඔහු පවසා ඇත්තේ:

“දැනගනින්… නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ!” යනුවෙනි.

⚠️ මෙයද අප බලාපොරොත්තු වූ වෙනස?

“නඩුත් බඩුත්” තවමත් එකම පිරිසකගේ අතේ නම්, යුක්තිය ඉල්ලන වින්දිතයන්ට “මරණ වරෙන්තු” නිකුත් කරන මේ මිනීමරු සංස්කෘතිය තවමත් ක්‍රියාත්මක නම්, මෙරට පුරවැසියන් බලාපොරොත්තු වූ වෙනස කොහේද?

ප්‍රගීත් අතුරුදහන් කර එළඹෙන ජනවාරි 24 වැනිදාට වසර 16ක් සපිරෙද්දී, සන්ධ්‍යාට අසන්නට ලැබෙන්නේ මරණ බිය මුසු අසභ්‍ය වචනයි. පාලකයන් මාරු වුවද, යුක්තියේ මාවත තවමත් රුධිරයෙන් සහ කඳුළින් වැසී ඇති ද?

මේ කළු ජනවාරියයි! මාසය තවමත් කළුය. 🌑

සම්පත් සමරකෝන්

#SandyaEkneligoda #JusticeForPrageeth #BlackJanuary #EndImpunity #SriLanka #HumanRights #LKA (image:VIKALPA)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here