නායයෑම් වලින් සහ ගංවතුරින් මියගිය අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක් මීගමුවේදී . ..

0
270

.

පසුගිය දිනවල මෙරටට බල පෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය අය සිහිකරමින්, ඒ සැම වෙත මෝක් සුව ප්‍රාර්ථනා කරමින් සහ එම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින සියලු දෙනා වෙනුවෙන් ඒ අයට සාමය හා ශාන්තිය ප්‍රාර්ථනා කරමින් විශේෂ දිව්‍ය පූජාවක් අද සවස (10/12/2025) මීගමුව, මහා වීදිය,ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.
මීගමුව ශාන්ත මරියා දේවස්ථානය සහ මීගමුව ශාන්ත මරියා විද්‍යාලය එක්ව මෙම විශේෂ ආශිර්වාදිත දිව්‍ය පූජාව සංවිධානය කර තිබිණි. මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ඇතුළු ගරු ඇන්ටනී නිෂාන් සහ ගරු තිලිණ සමිත් යන සහායක පියතුමන්ලාගේ ද ප්‍රධානත්වයෙන් මෙම විශේෂිත ආශිර්වාද දිව්‍ය පූජාව පැවැත්විණි.
මෙහිදී නාය යෑම් වලින් සහ ගංවතුරෙන් මියගිය සියළු දෙනා වෙනුවෙන් මොක්සුව පතා විශේෂ යාඥාවන් සිදුකළ අතර එම අයහපත් කාලගුණ තත්වය, හේතුවෙන් අවතැන් වී සිටින රටේ සෑම ප්‍රදේශයකම වෙසෙන සියලු දෙනා වෙත ධෛර්යය සම්පන්නව ශක්තිමත්ව නැගී සිටින්නට දේවාශිර්දය පතා විශේෂිත යාඥාවන් ද සිදු කළහ.

IMG 20251210 WA0031 IMG 20251210 WA0030 IMG 20251210 WA0029 IMG 20251210 WA0034 IMG 20251210 WA0038 IMG 20251210 WA0036

මේ සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සහ මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න මහතා, මීගමුව නගරාධිපති , රොබට් හීන්කෙන්ද මහතා,නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා ඇතුළු මීගමුව නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක්ද සහභාගි වූහ.

දිව්‍ය පූජාව අවසානයේ දී ඒ සඳහා සහභාගි වූ ගරු පියතුමන්ලා, නගරාධිපති උප නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිස මෙන්ම, ශාන්ත මරියා විද්‍යාලයේ සිසු දරු දැරියන් එක්ව මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සියළු දෙනා වෙත මොක්සුව පතමින් සහ එම අයහපත් කාලගුණික තත්ත්වය නිසා අවතැන් වී සිටින සියලු දෙනා වෙත මෙන්ම සමස්ත රටවැසි සියලු දෙනා වෙත සාමය සහ ශාන්තිය ප්‍රාර්ථනා කරමින් දේව පාමුල, ඉටි පහන් දැල්වීමද සිදු කරන ලදී .

මෙම දිව්‍ය පූජාව සඳහා දේවස්ථාන මීසමේ බැතිමතුන් පිරිසක්ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here