නාහෙට අහන්නේ නැති මේ අයට දෙන දඬුවම මොකද්ද ?

0
200

IMG-20190713-WA0008IMG-72441efde4f7f5b8192f0cb16f0070bb-Vමීගමුව රෝහල සහ මෙන්ඩිස් මාවත අතර නිතර නවතා තබන වාහන නිසා මතුවී තියෙන අනවසර රථගාල් ප්‍රශ්ණය ගැන අප නිතර නිතර ලිව්වෙමු.
නමුත් එය නතර කිරීමට කිසිදු බලධාරියෙකුට තවමත් නොහැකිවී ඇත.
කටුවපිටියට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව තත්වය වෙනස් වේ යැයි අපි සිතූ නමුත් එය එසේ නොවීය.
පොලීසිය විසින් මෙන්ඩිස් පාරේ කටවුට් , බැනර් තැනින් තැන එල්ලා තිබුනද ඒ කිසිවක් මායිම් කළේ නැත. නමුත් දැන් යථා තත්වයට පත්කර ඇතැයි මාරිස්ටෙලා විදුහලේ ආරක්ෂකයකු අප සමඟ පැවසීය . තත්වය සාකච්ඡා කර තීරණයක් ගත්බව ඔහු පැවසීය. කෙසේ නමුත් අප අවධානයෙන් සිටිමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here