නීතියට වෙට්ටු දමා හැදෙන තෙමහල් ගොඩනැගිල්ල සහ රාජ්‍ය නිලධාරින් ?

0
653

නීතියට වෙට්ටුදාම මසිරි වැඩ රැසක් පුට්ටු කරල නගරය මැද හැදෙන තෙමහල් ගොඩනැගිල්ල ගැන අපි දිගින් දිගටම කරුණු මතුකළා.
කොහොම හරි ඊයේ දවල් නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රින් පිරිසකුත් නිලධාරිනුත් එතනට ගිහින් තිබුණා.IMG 20250625 WA01691IMG 20250621 WA0049

මේ තෙමහල් ගොඩනැගිල්ල හැදෙන්නේම ගේම් ගොඩක් එකට පූට්ටු කරගෙන .මේව ගැන කාර්මාන්ත කාරක සභාවේ සභාපති සංගිත් තිතටම ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා.
ඊට කලින් නගර නිර්මාණ නිළධාරිණිය මේ බිල්ඩිමේ ගැන කියපු සමහරක් කාරණා ගැන ටිකක් පුදුමත් හිතිල තිබුනා.ඇය කලින් මේ ගොඩනැගිල්ලේ අඩුපාඩු ගැන ප්‍රශ්ණ කරල තිබුන කෙනෙක් හැටියට තමයි දැනගන්නට තිබුනේ .

පළාත් පාලන නීතිය පැත්තෙන් නාගරික මන්ත්‍රි සංගිත් ප්‍රශ්ණ කිපයක් මෙතනදි මතුකරල තිබුනා.

නගරය මැද හැදෙන ගොඩනැගිල්ලට ඇත්තටම රථගාලක් ගැන අයිතිකාරය පෙන්නුම් කරල තියෙන වැඩේ ඇත්තටම නිතියට අනුව වලංගු නෑ.අනික මේ ගොඩනැගිල්ලට පිවිසුම් මාර්ගය දාල තියෙන්නේ නගර සභාවට අයත් සාප්පු සංකිර්ණය දිනපතා පොළ අස්සෙන් ගේට්ටුවක් දාල.

එහෙම කොහොමද කරන්නේ කියල සංගිත් ඇහැව්වා .අපි මේ පිවිසුම් ගේට්ටුව වැහුවොත් කොහොමද මේ බිල්ඩිමේ රථගාලට යන්නේ .

මේ ගැටළු හින්දම තමයි කලින් හිටපු නාගරික කොමසාරිස්වරිය මේකෙ ඉදිකිරිම් අත්හිටවලා තිබුනේ .

IMG 20250626 085157IMG 20250626 085229

අනික මේකේ අයිතිකාරයා දිනපතා පොලේ පිවිසුම් මාර්ගයට මුහුණ ලා එයාගේ කඩවල් 8 ක් විතර අටවල විතරක් නෙමෙයි පිවිසුම් මාර්ගය උඩින් වහලයකුත් ගහලා.
මේක ගලවන්න කියල හිටපු කොමසාරිස්තුමිය ලියුමකුත් ගහල දැනුම් දිම් කරල තියෙද්දි තමයි එයාව මාලිමාවේ ගම්පහ ලොකු මහත්තුරු මාරුකරල දැම්මේ .

දැන් මේ මිගමුව මහනගර සභාවේ ඉන්න නගර නිර්මාණ නිලධාරිණියත්   අවුරුදු 10 ක් විතර මීගමුවේ .එතකොට මිගමුවෙ  මේ විදියට නීතියට වෙට්ටු දාල හදපු තැන් තව ගොඩක් ඇති. මේව ගැන මේ නෝනා එතකොට මොකද කලේ .අනිවාර්යයෙන්ම හෙළිදරව් කරන්න වෙනව.
කොහොම හරි මිගමුවේ කාටවත් වංගු ගහන්න ඉඩ දෙන්න මාලිමා පාලනයට බෑ.මේ වහල කෑල්ල පැහැදිලිව නිතියට පටහැනියි . මේවට ඉඩ දුන්නොත් අනිත් තැන්වලත් මේ වැඩේ මිටත් වඩා ලොකුවට වෙයි .කලින් මේ නිළධාරි පැලැන්තියට මේවට ඉඩ දුන්න නිසා තමයි දැන් මේ වැරිදි ඩබල් වෙලා එලි බහිනන්නේ .
වැරදි නම් වැරදිමයි .
නගරාධිපතිවරයා මේ ගැන සිරියස් ගන්න ඕනා. වංගු ගහන්න නිතියට වෙට්ටු දාන්න කිසිම චාන්ස් එකක් දෙන්න හොද නැ.

මාර වැඩේ කියන්නේ මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් නගර සැලසුම් නිලධාරිණියත් හිටිය විරුද්ද මතකයක කියල තමයි දැනගන්න තිබුනේ. නමුත් එයත් දැන් යු ටර්න් එකක් ගහල වගේද කියන ප්‍රශ්ණයකුත් මතුවෙලා .??????

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here