නිව්යෝර්ක් නගරාධිපතිගේ අම්මා – ඉන්දියානු සිනමාවේදි මීරා නයර්

0
423

 

මේ දිනවල මාධ්‍ය තුල කතාවට ලක්ව ඇති අමරිකාවෙ නිව්යෝක් නව නගරාධිපති මම්දානිගේ අපේක්ෂකත්වය සහ ජයග්‍රහණය ඓතිහාසික ලෙස සැලකෙන්නේ හේතු කිහිපයක් නිසා .ඒ ඔහු නිව්යෝර්ක් නගරයේ පළමු ඉන්දියානු-ඇමරිකානු,සහ පළමු මුස්ලිම්, නගරාධිපති වීමයි. තවත් දේශපාලනික කරුනු රැසක් තිබුනත් අපට සමීපවන්නේ ඔහුගේ මවගේ සිනමා නිර්මාන රැසක් ලාන්කික රසිකයන්ද සමීපව වැලදගෙන ඇති නිසයි. මීරා නායර් නම් සිනමාවෙදිනියගෙ එක සිනමා නිර්මානයක් හෝ ඔබ නරබා ඇති කියලා හිතනවා.
අන්තර්ජාතික සිනමාවේ වඩාත්ම කැපිපෙනෙන සිනමා කරුවන් අතර මීරා නායර් සිටීනවා. විචාරකයන් – ඇය හදුන්වන්නේ දේශසීමා ඉක්මවා යන, ඉන්දියාවේ රිද්මයන් ලෝකයේ ස්පන්දනය සමඟ මිශ්‍ර කරන චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙසයි. 1957 දී ඉන්දියාවේ රූර්කෙලා හි උපත ලබා දිල්ලි විශ්ව විද්‍යාලයේ සහ හාවර්ඩ් හි අධ්‍යාපනය ලැබූ නායර්, පෞද්ගලිකත්වය ඇගේ දේශපාලනික දැක්ම , සාම්ප්‍රදායික හා නූතනත්වය සමඟ සම්මිශ්‍රනයෙන් දේශීයත්වය ලෝකය සමඟ සම්බන්ධ කරන කථා කාරියක් ලෙසයි සැලකෙන්නේ .
නායර් ඇගේ ගමන ආරම්භ කළේ ඉන්දියාවේ සමාජ යථාර්ථයන් කෙරෙහි අවධානය යොමු කල වාර්තා චිත්‍රපට ලෝකයෙන් . නමුත් සිනමා ලෝකයට ඇයගේ සම්ප්‍රාප්තිය සනිටුහන් වන්නේ 1988 දී තිරගත වූ ඇගේ චිත්‍රපටය වන ‘සලාම් බොම්බේ ‘හරහා. මුම්බායි හි වීදි දරුවන්ගේ ජීවිත අහුමුලු දෙස යතාර්තවාදී සහ ප්‍රබල ආක්‍යානයකින් දිගහරෙන මෙම සිනමා නිර්මානය කෑන්ස් හි කැමරා ඩි’ඕර් සම්මානයදිනා ගනීමත් ඇකඩමි සම්මානයකට නම් කිරිමත් තුලින් ඇය ජාත්‍යන්තරය ජයගන්නවා. – ප්‍රබල සිනමාත්මක කියවීමක් මානව ජිවන අරගලය දෙස බලිමට හැකි සිනමා වෙදිනියක් ලෙසයි තවදුරටත් ලෝකය ඇය හදුනා ගන්නේ .

ඇගේ ඊළඟ චිත්‍රපට වන “ මිසිසිපි මසාලා “(1991) වේගයෙන් වෙනස් වන ලෝකයක සිය අනන්‍යතාවයන් සහ අනුගතවීම් ගවේෂණය කිරීමේ තවත් පියවරක් ලෙසයි මෙය සැලකෙන්නේ. ඩෙන්සල් වොෂින්ටන් රඟපෑ මිසිසිපි මසාලා චිත්‍රපටය ඇමරිකානු දකුනු ඉන්දියානු කාන්තාවක් සහ අප්‍රිකානු-ඇමරිකානු පිරිමියෙකු අතර ගොඩ නගෙන ආදරය සහ ඔවුන් මුහුනදෙන වාර්ගික බලපෑම් මීට පදකවී තිබුනි. විශේශ්‍යෙන්ම සන්ක්‍රමනිකයන් මුහුනදෙන ගැටලු .
Monsoon Wedding (2001) තිරගතවු අතර වැනීස් චිත්‍රපට උළෙලේදී රන් සිංහයා සම්මානයද දිනා ගත්තා. එමගින් , ඉන්දියානු කතා ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමේ ඇගේ ප්‍රවීණත්වය සනාථ කල බවයි විචාරකයන් සදහන් කරන්නේ. ජුම්පා ලහිරිගේ නවකතාව පාදක කරගත් The Namesake (2006) සහ උගන්ඩාවේ පසුබිම් වූ Queen of Katwe (2016) සහ කාමසුත්‍ර වැනි පසුකාලීන කෘති, හරස් සංස්කෘතික අත්දැකීම් සහ මානව ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි ඇයගේ ගැඹුරු උනන්දුව පිළිබිඹු කළේය.

චිත්‍රපට නිර්මාණයෙන් ඔබ්බට, මීරා නායර් නවකයන්ට සිය දක්ෂතා පෝෂණය කිරීම සඳහා කැපවී සිටී. උගන්ඩාවේ ඇගේ Maisha චිත්‍රපට රසායනාගාරය හරහා, ඇය නැගී එන අප්‍රිකානු සහ දකුණු ආසියානු චිත්‍රපට නිෂ්පාදකයින් පුහුණු කර ඇති අතර, “අපි අපේම කතා නොකියන්නේ නම්, වෙන කිසිවෙකු නොකියනු ඇත” යනුවෙන් ප්‍රකාශ කරනවා. 2012 දී ඉන්දියාවේ පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ නායර්, – ඉන්දියාව සහ ඩයස්පෝරා ලෝකයන් අතර පාලමක් වි ඇත.(මිරා උපතින් හින්දු. ඇයගෙ ස්වාමිපුරුශයා මහාචාර් ය Mahmood Mamdan මුස්ලිම්)

(TMG ගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here