ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම් ලාභී පවුල් සදහා නිවසක් ලබා දීමේ ජාතික අරමුණ මුල් කර ගනිමින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉදිකර අවසන් කළ නිවාස 6 ක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදුවිය
මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන්,මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්දගේ ,අදාළ කොට්ටාස වල නාගරික මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.





















