පරම්පරා තුනකට පරාටා රසය බෙදෙන මීගමුව දිනපතා පොලේ ‘ පරාටා කඩේ “

0
877

 

අවුරුදු 50 කටත් වැඩි කාලයක් ඉඳලා තවමත් නොකඩවාම ,එදා මෙන් අදත් මීගමුවේ වෙසෙන සහ මීගමුවට පැමිණෙන සිය ගණනකට උදේට දවල්ට රෑට රසම රස පරාටා සහ වෙනත් රොටී වර්ග වගේම කෑම වර්ග ගණනාවක් සපයන පුංචි හෝටලයක් ගැන කියන්නයි මේ හදන්නේ. මේකේ නම තමයි ” නිගම්බූ කැෆේ ” . මේ හෝටලේ තියෙන්නේ මීගමුව නගරයේ ලාෆ් සුපර් මාර්කට් එක පැත්තෙන්, ඩේලි ෆෙයා ඒකට ඒ කියන්නේ දිනපතා පොළට ඇතුල් වෙන්න තියෙන පාරෙන් එද්දිම වම් පැත්තේ.

හැබැයි මේ හෝටලය මීගමුවේ පළමුවෙන්ම පටන් අරන් තියෙන්නේ මෙතන නම් නෙවෙයි. මීගමු නගරයේ කලින් අයිෂා එක තියෙන හරියේ කුඩා කෝවිලක්. තිබිලා තියෙනවා, ආන්න ඒ කෝවිල තිබුන හරියේ තමයි මේ හෝටලේ මුලින්ම පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැනට අවුරුදු 50 කට විතර වගේ කලින්.

IMG 20250704 WA0130 IMG 20250704 WA0131

එදා ඒ හෝටලය පටන් අරගෙන කරගෙන ගිහින් තියෙන්නේ හුසේන් නානා. මේ හෝටලය තිබුණ ස්ථනයේ තිබිලා තියෙන ගොඩනැගිල්ල පසු කාලයකදී කඩා දමන්න සිද්ධ වෙලා තියෙනවා. ඉන් පස්සේ තමයි ඒ හෝටලය මේ දිනපතා පොලේ දැන් තියෙන තැන මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. එහෙම පටන් ගත්තු මේ හෝටලය හුසේන් නානායි එයාගේ පුතා ෂියාන් තමයි කරගෙන ගිහින් තියෙන්නේ. පසු කාලයේදී හුසේන් නානාගේ පුතා ඒ කියන්නේ ෂියාන් පෙරියමුල්ල පැත්තට ගිහිල්ලා අම්රා ලීෆ් ( අල් අම්රා ) හෝටලය පටන් අරගෙන තියෙනවා ඊට පස්සේ හුසේන් නානා මේ හෝටලය එයාගේ දුවගේ සැමියට ඒ කියන්නේ එයාගේ බෑනා ෂාවුල් ෆාරුක්ට භාරදීලා තියෙනවා ,කරගෙන යන්න. IMG 20250704 WA0132

ඒ විදිහට ගත්තහම මේ හෝටලය මේ දැන් තියෙන ස්ථානයේ පටන් අරගෙනත් අවුරුදු 35 ක් විතර වෙනවා. මේ හෝටලය කරගෙන යන්න ෂාවුල් ෆාරුක් නානා පසුව එයාගේ එකම පුතාට භාර දීලා තියෙනවා. එයා තමයි සප්ලාන් ෆාරුක් කියන්නේ . තවමත් තරුණ වයසේ ඉන්න ඔහු තමයි මේ නිගම්බු කැෆේ එක මීගමු නගරයේ බොහොම ජනප්‍රිය විදිහට දැන් කරගෙන යන්නේ

IMG 20250704 WA0143 01

මේ ගැන සප්ලාන් මෙන්න මේ විදිහට තමයි අපිට විස්තර කිව්වේ.
” අපේ තාත්තගේ ගම නාත්තන්ඩියේ ,තුම්මෝදර ප්‍රදේශයේ. තාත්තා සවුදි අරාබියේ ලේබර් ජොබ් එකක් කරලා තියෙනවා. තාත්ත එහේ ඉඳලා රැකියාව කරලා ලංකාවට ඇවිල්ලා ඉද්දී තමයි, මේ හෝටලය තාත්තට කරගෙන යන්න, මගේ අම්මගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා, මේක මගේ තාත්තට භාර දීලා තියෙන්නේ. මේක පටන් ගත්තු කාලේ මේ හෝටලය කරගෙන ගිහින් තියෙන්නේ මගේ සීයයි, මගේ මාමයි. ෂියාන් කියන්නේ මගේ මාමා. ඒ කියන්නේ මගේ අම්මගේ මල්ලි. ටික කාලෙකට පස්සේ එයා පෙරියමුල්ලේ, හෝටලයක් ඕපන් කෙරුවා . ඒ හොටෙලය තමයි දැන් ” අම්රා ලීෆ් ” නමින් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මාමා ඒ හොටෙල් එක කරන්න ගත්තට පස්සේ, මේ හෝටලේ කරගෙන යන වැඩේ මගේ සීයා මගේ තාත්තට පවරලා තිබුණා. තාත්තා ඕක කරගෙන යද්දී තාත්තට මේක තනියම කරන්න බෑ කියල මටත් සම්බන්ධ වෙන්න කිව්වා. එහෙම තමයි මම මේ හොටෙල් එකට සම්බන්ධ වුනේ. දැන් ඉතින් මම තමයි මේ හොටෙල් එක කරගෙන යන්නේ. මම කලින් දෝහ කටාර් වල ලොගොස්ටික් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කෙරුවා. ඒක කරලා ලංකාවට ඇවිල්ලා ඉද්දී තමයි තාත්තා මට මේ හොටෙල් එක භාර දුන්නේ. මගේ සීයා මේක මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ පරාටා රොටි, බිත්තර රෝටි කඩයක් විදිහට. එහෙම පටන් ගත්තු මේ කුඩා හොටෙල් එක අද වෙද්දි පරාටා බිත්තර රෝටී විතරක් නෙවෙයි, ඉඳි ආප්ප, පිට්ටු, වඩේ, වෙනත් රොටී වර්ග සහ ස්විට්ස් වර්ග ඇතුළු රයිස් ඇන්ඩ් කාරී හැර ඕනෙම කෑම ජාතියක් මේ හෝටලේ තියෙනවා. තේ කෝපි කිරිතේ සහ සොෆ්ට් ඩ්‍රින්ක් එහෙමත් අපේ මේ හෝටලේ තියෙනවා. අපි සාමාන්‍යයෙන් උදේ පටන් ගත්තහම රෑ 9.00, 10.00 වෙනකම් මේ හෝටලය විවෘත කරලා තියෙන්නේ.IMG 20250704 WA0135IMG 20250704 WA0137

ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ අපේ මේ හෝටලයට එන අයට රස කෑම වේලක් අඩු මුදලකට පිරිසුදුවට සහ ඉක්මනට සපයන්න. මේ නිසා වෙන්න ඇති අපේ මේ හෝටලයට ගොඩක් අය එන්නේ. අපි හෝටලයට එන අය වැඩියෙන්ම එන්නේ පරාටා, බිත්තර රොටි වගේ දේවල් කන්න තමයි. ගොඩක් අය හරි කැමතියි, පරාට රොටී වලට පරිප්පු කරියයි , මිරිස් කරියයි මික්ස් කරලා කන්න. ඒවගේම අපි රෑට කොත්තු රොටි එහෙම දානවා. ගොඩක් දෙනෙක් අපේ කොත්තු රොටියටත් කැමතියි. අපි මේ වෙද්දි තව චුට්ටක් එහායින් තවත් පොඩි හොටෙල් එකක් දාලා තියෙනවා.IMG 20250704 WA0134IMG 20250704 WA0136

ඉතින් මේ දෙකටම ගොඩක් අය දිනපතා කන්න බොන්න පැමිණෙනවා. ඉතිං අපි හිතනවා, මීගමු නගරයට එන යන අයටත්, මීගමු නගරයේ බිස්නස් කරන අයටත් ඒ වගේම වෙනත් රැකියා කරන අයටත්, අවට පදිංචි අයටත් අපි හොඳ සර්විස් එකක් දෙනවා කියලා. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ මෙතනට එන අයට අවශ්‍ය කෑම බීම රසට හදලා දෙන්න තමයි. ”

පස්ලාන් අපිත් එක්ක කියාපු ප්‍රධානතම දේ තමයි එයාගේ සීයයි තාත්තයි මේ හොටෙල් එක කර ගෙන ආවා වගේ ඉදිරියටත් දැනට වඩා හොඳට මේ හොටෙල් එක කරගෙන යන්න තමයිලු එයත් බලාපොරොත්තු වෙන්නේ.

ඉතින් ඔබ නිතරම මීගමු නගරයට එන යන අයෙක් නම්, එහෙම නැත්නම් මීගමු නගරයේ රැකියාවක් කරන අයෙක් නම් එහෙමමත් නැත්නම් ඔබ මේ නගරයට ආසන්නව පදිංචි කෙනෙක් නම් අපි ඔබටත් ආරාධනා කරනවා මේ පස්ලාන්ගේ ” නිගම්බූ කැෆේ ” එකට ඇවිල්ලා රසවත් පරාට රෝටී, එහෙම නැත්නම් බිත්තර රොටී වගේ රසට හදපු කෑම වේලක රස බලන්න එන්න කියලා.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here