ප්‍රයිම්ලාගේ තවත් හොරයක් අතේ මාට්ටු, සදමිණිගේ බෙන්ස් එකත් මැකෙයි, මහාචාර්ය අධ්‍යක්ෂකලාගේ කොළෙත් ඉරෙයි

0
136

ප්‍රයිම්ලාගේ තවත් හොරයක් අතේ මාට්ටු, සදමිණිගේ බෙන්ස් එකත් මැකෙයි, මහාචාර්ය අධ්‍යක්ෂකලාගේ කොළෙත් ඉරෙයි

ප්‍රයිම් ලෑන්ඩ්ස් හි සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා පසුගිය දා මර්සිඩීස් බෙන්ස් සමාගමින් මිලදී ගත් අලුත්ම මෝටර් රථය ගැන Mercedes-Benz Sri Lanka හි ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ වීඩියෝව මේවන විට මකා දමා තිබේ.
ඇය විසින් අලුතින් මිලදී ගෙන තිබූ Mercedes-Maybach GLS 600 Night Series 2026 මෝටර් රථය ඇයට ලබාදෙන අයුරු එහි පළකර තිබූ අතර එය නිවාස මිලදී ගත් පාරිභෝගිකයන්ගේ අවධානයට යොමුව තිබිණි.

ඒ නිසි ශක්‍යතා වාර්තාවක් නොමැතිවීම, අනුමැති ලබාදීමට ඇති ගැටලු හා ප්‍රදේශවාසීන්ගේ විරෝධතා ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවට නිවාස ලබා දෙන බවට පොරොන්දුවී ප්‍රයිම් ලෑන්ඩ්ස් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති 5ක මෙතෙක් කිසිදු ඉදිකිරීමක් සිදු කර නොමැතිවීම නිසාය.

විශේෂයෙන්ම මිගමුවේ CM ප්‍රනාන්දු මාවතේ කලපුව සමිපයේ යෝජිත වැනිසියා නිවාස ව්‍යාපෘතිය මොනයම් ආකාරයකටවත් ගොඩදමාගැනිමට නොහැකි තත්වයකට පත්ව තිබේ.පරිසර ශක්‍යතා වාර්තාවක් නොමැතිව මෙන්ම නාගරික  සංවර්ධන අධිකාරියේ අනුමැතිය පවා ⁣නොමැති පසුබිමක නිවාසවලින් 78% දැන්ටමත් අලෙවි කර ඇතැයි වාර්තාවෙි .නිවාස 400 ඉදිකිරිමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියට අදාලව වෙන්කර ඇති පාරවල් වල පළල බරපතල ගැටලුවකි

මේ සියළු යථාර්ථයන් තුල  මේ සදහා නිසි අවසර ලබාගැනිම සිහිනයක්ම පමණක් වනු ඇත.

මේ අතර සඳමිණි විසින් මෙසේ මිලදීගෙන ඇති මෝටර් රථයේ වෙළඳ​පොළ වටිනාකම රුපියල් මිලියන 255කි.

සඳමිණි එම රථය මිලදීගත් අවස්ථාව Mercedes-Benz Sri Lanka හි ෆේස්බුක් පිටුවේන් මකා දැමුවේ එම මෝටර් රථය නිවාස මිලදී ගැනීමට මුදල් දුන් අයගේ මුදලින් මිලදීගත් නිසාද නොඑසේ නම් එම මුදල් ඉපැයූ ආකාරය හෙළි කිරීමට ඇති අපහසුතාවයක් නිසාදැයි යන්න මේවන විට නිවාස මිලදී ගැනීමට මුදල් යෙදූ පාරි​භෝගිකයන්ට ප්‍රෙහෙළිකාවක් වී තිබේ.

මේ අතරම, මේ සිදුවීමත් සමඟ ප්‍රයිම් රෙසිඩන්සීස් හි අධ්‍යක්ෂවරුන් ලෙස මාසික වේතනයකට පෙනී සිටින මහාචාර්ය ආනන්ද ජයවර්ධන, මහාචාර්ය සම්පත් අමරතුංග, ධම්මික කලපුගේ, නොයෙල් ජෝසප් හා දීපාල් සූරියආරච්චි වැනි පිරිස බරපතල අපසුතාවයකට පත් කර ඇත.
ඒ අදාළ මුදල් එම සමාගමින් යෙද වූයේ නම් ඒ තීන්දුවට ඔවුන්ද හවුල්වීම නිසාය.
මේ මෝටර් රථය බෙන්ස් සමාගමින් සඳමිණි ලබාගන්නා අවස්ථාවේදී එහි ප්‍රයිම් රෙසිඩන්සීස් හි අධ්‍යක්ෂවරයකු වන නොයෙල් ජෝසප් මහතාද සිට තිබේ.
ඒ අනුව අදාළ අධ්‍යක්ෂවරුන්ට ද ජනතාවට නිවාස ලබාදෙන බවට පොරොන්දුවී නිවාස ව්‍යාපෘති 5ක මෙතෙක් කිසිදු ඉදිකිරීමක් සිදු නොකිරීමේ වගකීමෙන් මිදිය නොහැකිය.

නොඑසේ නම් මෙය ඔවුන්ගේ සාමූහික තීන්දුවක් බව ඉන් පෙනීයන නිසාය.
මේ අතර අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සාමාජිකයෙකු වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන වැනි අය සිටියදී ද එහි මෙවැනි අක්‍රමිකතා සිදුවීම කනගාටුවට කරණක් බව එහි පාරිභෝගිකයො කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here