පාදඩ පාලනයකට එරෙහිව දියත්වු දැවැන්ත කළු විරෝධය…

0
118
IMG 20210820 WA0112
IMG 20210820 WA0114

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුකර අදට මාස 28 කි. එය පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් බව දැන් රටම පිළිගන්නා තත්වයකි.කතෝලික සභාවද පමා වි හෝ මේ පාදඩ රජයට එරෙහිව සෘජුවම ඇගිල්ල දික් කිරිමට සුදානම් බවක් දැන් පෙනෙන්නට තිබේ.
කාර්දිනල් හිමියන් අගෝස්තු 21 වෙනිදාට කළු විරෝධතා දිනයක්ද ඒ අනුව ප්‍රකාශයට පත්කරන ලදි.
එයට ප්‍රතිචාර දක්වමින් මිගමු පුරවැසි එකතුව මිගමුවේ බාල්දි හංදියේදි නිහඩ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

කාර්දිනල් හිමියන් දැවැන්ත කළු විරෝධයක් රජයට එරෙහිව සංවිධානය කරන බව කීවද ඒ් වගකිම කොයිතරම් නම් දුරට මිගමුවේදි පවා කතෝලික පියතුමන්ලා විසින් ගෙන තිබුනේද යන්න පවා තවමත් ගැටළු සහගතය .
කෙසේ වෙතත් ප්‍රගතිශිලි කිතුණු ජනයා මුලිකත්වය ගෙන ඊයේ සංවිධානය කරන ලද විරෝධතා වැඩසටහනට මිගමුවේ මුස්ලිම් ජනයාගේද පුර්ණ සහය ලැබි තිබුන බව වාර්තා විය.,මුස්ලිම් පල්ලි වල පවා කළු ක‌ොඩි ප්‍රදර්ශණය කරමින් කළු හර්තාලයට ඔවුන්ද එක්ව සිටියහ.

IMG 20210820 WA0111
IMG 20210820 WA0110
IMG 20210820 WA0116
IMG 20210820 WA0074
IMG 20210820 WA0085

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here