පැණිය කතානායකටත් පොවයි

0
130

( 6.15 pm ) කොවිඩ් ආසාදිතයන් සුවපත්වන බෙහෙතක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් සොයාගනු ලැබූ බව කියන පැණිය අද (10) පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පොවා තිබේ.

එහිදී මන්ත්‍රීවරු පිරිසකටද රම පැණිය බොන්නට දී ඇත.

මෙම පැණිය සඳහා අනුමැතිය ලබා දී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පවසන්නේ ඔහු ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වූවෙකු නොවන බවයි.

මේ අතර කොවිඩ් පිළිබඳ රාජ්‍ය ඇමැතිිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ සායනික පරීක්ෂාවකින් අනුමත වන තුරු කෑගල්ලේ කොරෝනා පැණිය භාවිතා නොකරන ලෙසය.

xKagalle pani 2020.12.10 02.jpg.pagespeed.ic.6pYlHLDs5U

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here